මෙහෙයුම පැය 4 යි රථවාහන නඩු 3715 යි

මෙහෙයුම පැය 4 යි රථවාහන නඩු 3715 යි
Spread the love

30 වැනිදා රාත්‍රී 11.00 සිට 31 අලුයම 3.00 දක්වා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන ආකාරයට සිදුකළ මෙම මෙහෙයුමේදී මාර්ග බාධක 1308ක්  යොදා වාහන 20,913ක් සෝදිසි කිරීම්වලට ලක්කර තිබේ.එහිදී රථවාහන නඩු 3715ක් ලබාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඊට අමතරව පුද්ගලයන් 42,673ක් සෝදිසි කිරීම්වලට ලක්කර තිබෙන අතර, මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී මද්‍යසාර ලීටර් 3860ක්, හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 94ක්, කංසා කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 293ක් සහ වෙනත් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 176ක් අත්අඩංගුවට ගෙන ඇත.

බීමත්ව රිය පැදවූ රියදුරන් 719ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, වරෙන්තුකරුවන් 397ක්, විවිධ අපරාධවලට සැකපිට පුද්ගලයන් 554ක් සහ නීති විරෝධී ගිනිඅවි 05ක් අත්අඩංගුවට ගෙන ඇත. මත්පැන් පානය කර බීමත්ව අශෝභන ලෙස හැසිරීම හා දැව වැටලීම් නඩු 46ක්ද ලබාගෙන ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.