මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු හමුදා බුද්ධි අංශ අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකරව ඊයේ(30) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ බව වාර්තාවේ.

