මේ අවුරුද්දෙ මේ වෙනකල් ලංකාවෙ FACEBOOK ගිණුම් 3000 ක් අයින් කරලා…

මේ අවුරුද්දෙ මේ වෙනකල් ලංකාවෙ FACEBOOK ගිණුම් 3000 ක් අයින් කරලා…
Spread the love

ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචා කිරීම ඇතුළු සිද්ධීන් මුල් කරගෙන වසරේ මේ දක්වා කාළය තුල මෙරට ෆේස් බුක් ගිණුම් 3000කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන ඇත.

මේ වසරේදී ෆේස් බුක් සම්බන්ධ පැමිණිලි 3400ක් පමණ තම ආයතනයට ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ෆේස් බුක් ආයතනයට කරන ලද දැනුම් දීම මත  ෆේස් බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බවත්  පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ප‍්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.