මෛත්‍රී තාත්තාගේ පුතා එක්ක නැටුවෙ නෑ කියා සිසුවියකටකට පහර දෙයි

මෛත්‍රී තාත්තාගේ පුතා එක්ක නැටුවෙ නෑ කියා සිසුවියකටකට පහර දෙයි
Spread the love

පාසලේ පැවති උත්සවයක් අතරතුරදි අදි ශිෂ්‍යාවකට කල පහර දිමක් හේතුවෙන් මහව විජයභා ජාතික පාසලේ ශිෂ්‍යාවක් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.
 
පසු ගිය 16වනදා මහව විජයභා ජාතික පාසලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කර තිබු පා ගමනකින් අනතුරුව පාසල් ක්‍රිඩාංගනයේ සංගීත සංදර්ශනයක් පවත්වා ඇති අතර එම අවස්තාවේදි පාසලේ අදි ශිෂ්‍යයෙකු පැමිණ තමන්ට ඔහුත් සමඟ නර්ථනයේ යෙදෙන්නට ආරාධනා කල බව අදාල සිසුවිය පවසයි.

කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කිරිමත් සමඟ අදාල තරුණයා මෙම සිසුවියට පහර දි ඇති බව එම සිසුවිය කියා සිටින අතර මෙලෙස පහර කැමට ලක්ව ඇත්තේ එම පාසලේ 13වන ශ්‍රේණියේ කලා අංශයේ ඉගෙනුම ලබන මහව ගොඩපිටිය යාපහුව ප්‍රදේශයේ පදිංචි සිසුවියකි.

පහර දිම හේතුවෙන් අදාළ සිසුවිය දින 5ක් මහව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව අද(22) සුවය ලබා පිටව ගොස් ඇති බව වාර්ථා වන අතර තමන්ට මෙලෙස පහර දුන්නේ, මහව ප්‍රාදේශි සභා මන්ත්‍රිවරයෙකුගේ පුතෙකු බව ඇය වැඩි දුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් මහව පොලීසීය පැවසුවේ අදාල සැකකරු මහව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හැරි බවයි.  

පහර දීමට ලක්වු සිසුවිය සුවය ලබා ඇති බව පොලීසිය විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු අදාළ සැකකරුට මෙලෙස ඇප හිමිවී ඇති බවත් තම දියණිය ඒ මොහොත වන විටත් රෝහල් ගත වී සිටි බැවින් මෙම තින්දුව දේශපාලන මැදිහත් වීමක් මත සිදුවු බලපෑමක් බවට පහර කෑමට ලක් වු සිසුවියගේ මව පැවසයි.