මොරටු විශ්වවිද්‍යාලය ඉදිරිපිට නිවසක මල්පොච්චියේ අඩි 5 1/2 ක ගංජ ගහක්

මොරටු විශ්වවිද්‍යාලය ඉදිරිපිට නිවසක මල්පොච්චියේ අඩි 5 1/2 ක ගංජ ගහක්
Spread the love

 මොරටුව කටුබැද්ද විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිරිබරපුර මාවතේ නිවසක මල් පෝච්චියක්‌ රහසිගතව වවා තිබූ අඩි පහමාරක්‌ පමණ උස ගංජා ගසක්‌ සමඟ නිවසේ හිමිකරු ගල්කිස්‌ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම ගංජා පැළය ඔහුගේ පෞද්ගලික පාවිච්චිය සඳහා සාදාගෙන ඇති බවත් අවශ්‍ය විටදි එහි පත්‍ර වියළා සුරුට්‌ටු ඔතා පානය කරන බවත්, සැකකරු පවසා ඇතැයි පොලිසිය පැවසීය.