මෝය කට විශාල වීම නිසා මුහුදු රළ ගොඩබිමට

Spread the love

ගංවතුර බැස යාම සඳහා මෝය කැපීමෙන් ඇතිවූ රළ පහරට මෝය විශාල වීම නිසා මුහුදු රල ගොඩබිමට ගසාගෙන ඒමට පටන් ගෙන ඇති බව වාර්තාවේ.

කළුතර දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගය ආරක්ෂා කිරීම සඳහා ගල්වැටි දැමීම ආරම්භ කර ඇති අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ මීටර් 200ක පමණ දුර ප්‍රමාණයට දුම්රිය මාර්ගය ආරක්ෂා වීමට මෙම ගල්වැටි අතුරන බව ද සදහන්.

ගංවතුර බැසීමට මෝය කැපීම නිසා විශාල වූ මෝය ගඟත් මුහුදත් එක සමාන වී මුහුදු රළ ගොඩබිමට ගසාගෙන ඒමට පටන්ගෙන ඇත.

පොල් ගස් සහ විශාල ගස්කොලන් දැනටමත් විනාශ වී ජලයට පෙරලී තිබේ.

[rns_reactions]