යාපනයේ “ආවා කල්ලිය” යලි හොල්මං කරයි

යාපනයේ “ආවා කල්ලිය” යලි හොල්මං කරයි
Spread the love
යාපනයේ ක්‍රියාත්මක ‘ආවා ගෲප්’ කල්ලියේ බවට සැකකරන තරුණයන් දෙදෙනකු යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නැටුම් විෂය උගන්වන ගුරුවරියක පෙරේදා (30) දා සවස කඩුවලින් කපා තුවාල සිදු කොට පලා ගොස්‌ ඇත.
යතුරුපැදියකින් පැමිණ ගුරුවරිය කපා දමා ඇත්තේ ඇගේ නිවස තුළදීම වන අතර කඩුවලින් කැපීම නිසා ඇය බරපතළ ලෙස තුවාල ලබා යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
තුවාල ලත් ගුරුවරිය යාපනයේ කොකුවිල පළාතේ පදිංචිකාරියක වන අතර ඇය සේවය කරන්නේ කිලිනොච්චිය ධර්මපුරම් විද්‍යාලයේ බවත් මෙම තරුණයන් දෙදෙනා ගුරුවරිය කඩුවලින් කපා දැමීමට හේතුව කුමක්‌ දැයි මෙතෙක්‌ අනාවරණය වී නොමැති බවත් සැකකාර තරුණයන් දෙදෙනා මේ අපරාධය සඳහා ගුරුවරියගේ නිවසට පැමිණෙන විට නිවසේ සිට ඇත්තේ සිද්ධියට මුහුණ දුන් ගුරුවරිය හා ඇගේ වයෝවෘද්ධ මව පමණක්‌ බවත් පොලිසිය කියයි.
මේ ප්‍රහාරය සඳහා පැමිණි තරුණයන් දෙදෙනාගේ ඡායාරූපයක්‌ සී. සී. ටී. වී. කැමරාවක ආධාරයෙන් යාපනය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර යාපනය පොලිසිය සිද්ධිය ගැන පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.