යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේම ගිනි ගෙන තිබෙනවා.
අද (21) අලුමය මෙම බස් රථය හදිසියේ ගිනි ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ගින්න හේතුවෙන් බස් රථයේ සිටි පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙනවා. තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේවෙතත් අප වාර්තාකරු සඳහන් කළේ බස් රථයේ සිදුවූ පිපිරීමකින් මෙම ගින්න හටගෙන ඇති බවයි.