යාපනය දිසා අධිකරණයේ නීතිඥවරියක් බුදුරුව සහිත සාරියක් ඇඳගෙන අධිකරණයට පැමිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා තිබේ.
මේ නීතිඥවරිය අධිකරණයේ රාජකාරි සඳහා 12 දා පැමිණ ඇත්තේ මෙම සාරිය ඇඳගෙනය.
ඒ බව අධිකරණයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් විසින් යාපනය මූලස්‌ථාන පොලිසිය වෙත දැනුම් දීමෙන් පසුව එම නීතිඥවරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට කතාබහක් යාපනය පොලිසිය තුළ ඇතිව තිබේ.
මේ ක්‍රියාව සම්බන්ධයෙන් ගත යුතු පොලිස් ක්‍රියාපටිපාටිය පිළිබඳව යාපනය පොලිසිය ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා තිබේ.
යාපනය පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‌ෂණ පවත්වාගෙන යයි
යාපනයේ නීතිඥවරියක් බුදුරුව සහිත සාරියක් ඇඳන් උසාවි ඇවිත්
