යාපනය, මයිලඩ්ඩි වරායට ආසන්න මුහුදේ අතහැර දැමූ නෞකාවක ගින්නක් හට ගෙන ඇත.
නාවික හමුදාව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් ක්‍රියා කරමින් සිටින බවයි.ඊයේ රාත්‍රියේ ඇතිවු ගින්න මැඩ පැවැත්වුව ද, අද පෙරවරුවේ යළිත් නෞකාවේ ගින්න හටගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය.
කිංඩම් නැමති මෙම නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න ඇති බවට සැක කෙරෙයි.පෞද්ගලික සමාගමකට අයත් මෙම නෞකාව භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කළ එකකි.මෙම නෞකාව පසුගිය ජනවාරි මාසයේදී වැලිපරයක ගැටීමෙන් සිරවීම නිසා එය අතහැර දමා තිබේ.මේවන විටත් ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේ ය.