දුම්රිය එන්ජින් රියදුරු පුහුණුව ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස යුද හමුදාව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
රටේ ඇති වන හදිසි තත්ත්වයකට මුහුණ දීමට යුද හමුදාව ඕනෑම අවස්‌ථාවක සූදානමින් සිටින බවත්, එහි එක් පියවරක් ලෙස මෙම ඉල්ලීම සිදුකර ඇති බවත් යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ඊයේ (29 ) පැවසීය.
වැඩවර්ජන පමණක් ඉලක්‌ක කරගෙන මෙම ඉල්ලීම සිදුකර නොමැති බවත්, දුම්රිය එන්ජින් රියෑදුරු පුහුණුවට අමතරව නියාමක පුහුණුව ලබාදෙන ලෙසට ද ඉල්ලීමක් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පිළිබඳව කළ විමසීමකදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ යුද හමුදාවේ එම ඉල්ලීම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවය.