යුරෝපා සංගමය ‘සංචාරක සීමා’ ඉවත් කළ රටවල් අතර ශ්‍රී ලංකාව නෑ

යුරෝපා සංගමය ‘සංචාරක සීමා’ ඉවත් කළ රටවල් අතර ශ්‍රී ලංකාව නෑ
Spread the love

ආරම්භයේ දී, ශ්‍රී ලංකාව ඇතුළත් නොවන රටවල් 15 ට අඩු ලැයිස්තුවක් සඳහා 2020 ජූලි 1 වැනි දින සිට සිය බාහිර දේශසීමා නැවත විවෘත කිරීමට යුරෝපා සංගමය තීරණය කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීම සඳහා සක්‍රීයව ඉල්ලීම් කරමින් සිටින, බ්‍රසල්ස් හි යුරෝපා සංගමය සඳහා අක්ත ගන්වා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යුරෝපා කොමිසම දන්වා සිටියේ, සිය ගුවන්තොටුපලවල් විවෘත නොකළ හෝ යුරෝපා සංගම් කලාපයෙන් පැමිණෙන අමුත්තන් භාරනොගත් රටවල් පිළිබඳව තවමත් සලකා බලා නොමැති බවයි. රටවල පවතින වසංගත රෝග තත්ත්වය, සංචාරය අතරතුර දී වසංගතය මැඩපැවැත්වීමේ ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සහ එම රට යුරෝපා සංගම් රටවල් සඳහා සිය සංචාරක සීමාවන් ඉවත් කර තිබේද නැද්ද යන කරුණුවල ප්‍රගතිය මත පදනම්ව, මෙම ලැයිස්තුව ක්‍රම ක්‍රමයෙන් පුළුල් කරන බව තානාපති කාර්යාලය වෙත තවදුරටත් දැනුම් දෙන ලදී.