යෝජිත බස් ගාස්තු සංශෝධනය අද කැබිනෙට්ටුවට

යෝජිත බස් ගාස්තු සංශෝධනය අද කැබිනෙට්ටුවට
Spread the love
යෝජිත බස් ගාස්තු සංශෝධනය අද(22) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සියයට හයයි දශම පහක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබූ නමුත් අදාළ බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් විරෝධය පල කළ බැවින් 12.5% ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟතාව පල කර ඇත.
මෙහිදී රුපියල් 10ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීමට ද තීරණය කෙරුණු අතර අදාළ සංශෝධනයන් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.