බොහෝ දේශපාලනඥයින්, උසස් රාජ්‍ය නිලධාරීන්, ධනවතුන් ඇතුළු වරප්‍රසාද ලත් පුද්ගලයින් තම දරුවන් අන්තර් ජාතික පාසල් වලට International Schools යවන බව පෙනී යයි. නිදහස් අධ්‍යාපනය ලබන බහුතර ජනතාවගේ දරුවන් මුහුණ පාන මෙම ප්‍රශ්නයට තවමත් විසඳුම් ලබා නොදුන්නේ ඒ නිසා ද ?
අපොස සාමාන්‍ය පෙළ O/L level විභාගය පැවැත් වෙන්නේ දෙසැම්බර් මාසයේ දී ය. ප්‍රතිඵල නිකුත් වන්නේ මාර්තු අවසානයේ දී ය. ගත වන කාලය මාස 3 කි.
අපොස උසස්පෙළ A/L level විභාගය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේදීය. ප්‍රතිඵල නිකුත් වන්නේ දෙසැම්බර් අන්තිමට ය. ගත වන කාලය මාස 4 කි.
විශ්ව විද්‍යාලයට ඇතුල් කරනු ලබන්නේ උසස් පෙළ විභාගය පවත්වා අවුරුද්දකුත් මාස දෙකක් ගත වූ පසු ඊළඟ වසරේ ඔක්තෝබර් මාසයේ දී ය. ගත වන කාලය මාස 14 කි. මේ අනුව නිදහස් අධ්‍යාපනය තුළින් රජයේ පාසල් වල ඉගෙන ගන්නා දරුවන්ට අහිමි වන කාලය මාස 21 කි. විශ්ව විද්‍යාලයට ඇතුළු වන විට එම දරුවන්ගේ වයස අවුරුදු 20 කි.
International schools වල ඉගෙන ගන්න ශිෂ්‍යයින්ගේ ඒ තත්ත්වය විමසා බලමු
එහෙත් ජාත්‍යන්තර පාසල්( International schools) වල ඉගෙන ගන්න ශිෂ්‍යයින්ගේ ඒ තත්ත්වය විමසා බලමු. එම ශිෂ්‍යයන් උසස් පෙළ විභාගය ( London A/L level ,Edexel ) වයස අවුරුදු 17 දී අවසන් කර විදේශීය රටවල සහ මේ රට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුළත් වී වයස අවුරුදු 22 වන විට උපාධිධාරීන් බවට පත්වේ.
රජයේ පාසල් පද්ධතිය තුළ නිදහස් අධ්‍යාපනය ලබන දරුවන් ට තම වටිනා ජීවිතයේ අහිමි වන මෙම දීර්ඝ කාලය නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ කවර බලපෑම් නිසා ද ?
තාක්ෂණය මෙතරම් දියුණු යුගයක අපොස උසස් පෙළ සහ සාමාන්‍ය ප්‍රතිඵල නිකුත් කිරීමට මෙතරම් දීර්ඝ කාලයක් ගන්නේ ඇයි ?
විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවුරුද්දකටත් වැඩි කාලයක් ගත වන්නේ ඇයි ?
බොහෝ දේශපාලනඥයින්, උසස් රාජ්‍ය නිලධාරීන්, ධනවතුන් ඇතුළු වරප්‍රසාද ලත් පුද්ගලයින් තම දරුවන් අන්තර් ජාතික පාසල් වලට International Schools යවන බව පෙනී යයි.
නිදහස් අධ්‍යාපනය ලබන බහුතර ජනතාවගේ දරුවන් මුහුණ පාන මෙම ප්‍රශ්නයට තවමත් විසඳුම් ලබා නොදුන්නේ ඒ නිසා ද ?
රැකියා ,උසස් වීම්, පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථා ඇතුළු වරප්‍රසාද තම දරුවන්ට පමණක් උරුම කර දීමට, මෙම ප්‍රශ්නය නො විසඳා කල් මරන ප්‍රතිපත්තියක්, මීට වගකිව යුතු පාර්ශව අනුගමනය කරන්නේ දැයි ජනතාව තුළ සාධාරණ සැකයක් මතු වී ඇත.
වසන්ත අල්විස් – මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය