රටම හැඩවු ශිෂ්‍යත්ව පන්ති ගිහින් ගෙදර එද්දී ජල රකුසාට බිලිවූ දියණියගේ කදුළු කතාව මෙන්න..

රටම හැඩවු ශිෂ්‍යත්ව පන්ති ගිහින් ගෙදර එද්දී ජල රකුසාට බිලිවූ දියණියගේ කදුළු කතාව මෙන්න..
Spread the love

ශිෂ්‍යත්ව පරීක්‍ෂණ විභාගයේ අතිරේක පන්තියකට සහභාගිවී ආපසු තම නිවස බලා යාමට පාරේ ගමන් කරමින් සිටි පාසල් ශිෂ්‍යාවක්‌ සහ ඇගේ මව අධික වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ පහරකට හසුවීමෙන් පාසල් ශිෂ්‍යාව මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. ඒ එගොඩවෙල ප්‍රදේශයෙන්.

පස්‌සර මැදවෙලගම එගොඩවෙල ප්‍රදේශයේට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ පහරකට හසුවීමෙන් මෙලෙසින් පාසල් සිසුවිය මිය ගොස් තිබේ. පසුගිය 12 වැනිදා සවස 5.00 ට පමණ පාසල් සිසුවිය සහ ඇයගේ මව අමතර පන්ති නිමවී නැවතත් නිවස බලා එමින් සිටියදි මෙලෙසින් සැඩ පහරට හසුව තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ මැදවෙලගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දිනිත් තත්සරණී නමැති 10 හැවිරිදි දැරියකි. පස්‌සර නගරයේ සිට 12දා සවස බස්‌ රථයකින් මැදවෙලගම දක්‌වා ගමන් කොට ඇති සිසුවිය සහ මව බසයෙන් බැස වර්ෂාව මැද්දේම එගොඩවෙලගම තම නිවස කරා යාමට පටන්ගෙන ඇත. ඔවුන් යන පාර වැටී ඇති දියකඳුරකින් එගොඩ වීමට උත්සාහ ගන්නා අවස්‌ථාවේදී එම දියකඳුරට ඉහළින් හදිසියේ ගලා ආ සැඩ පහරකට දෙදෙනාම හසුවී ගසාගෙන ගොස්‌ ඇත.

එහිදී පාසල් ශිෂ්‍යාව මියගොස්‌ ඇත. ඇගේ මව බරපතළ තුවාල ලබා දිවි බේරාගෙන තිබේ. මියගිය ශිෂ්‍යාවගේ මෘත දේහය දැනට පස්‌සර දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ. තුවාල ලැබූ මව  පස්‌සර දිසා රෝහලේ  ප්‍රතිකාර ලබන්නීය.