රට අරාජික කරන්න එපා යයි මල්වතු මහ නාහිමිගෙන් ජනපති හා අගමැතිට උපදෙස්

රට අරාජික කරන්න එපා යයි මල්වතු මහ නාහිමිගෙන් ජනපති හා අගමැතිට උපදෙස්
Spread the love

පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ උද්ගත වෙමින් පවතින අවිනිශ්චිත තත්ත්වය රටේ යහපැවැත්මට මෙන්ම සමගිය හා සහජීවනයට බාධාවක් බැවින් පවතින තත්ත්වය කෙරෙහි විශේෂ අවධානය යොමු කොට  2015 ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේ දී ජනතාවට ලබාදුන් ‍පොරොන්දු ඉටු කිරීමට අනලස්ව කටයුතු කරන ලෙසත්, විශේෂයෙන් ගම්දනව්වල, ගොවි, කම්කරු හා මධ්‍යම පාන්තික ජනතාවගේ ජීවන බර හා ගැටලු විසඳීමට කටයුතු කිරීම හා ජාතික, ආගමික, සංස්කෘතික හා ආර්ථික අභිවර්ධනය මෙන්ම සාමය සමාදානය ඇති කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුව ඇති බවමල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක  තිබ්බටුවාවේ  සුමංගල මහා නායක හිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් මගින් දන්වා සිටිති.