රට විකුණපු රාජපක්ෂලගේ හොරකම් සොයන්න ඉල්ලමින් වෙබ් මාධ්‍යවේදියෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට…..

රට විකුණපු රාජපක්ෂලගේ හොරකම් සොයන්න ඉල්ලමින් වෙබ් මාධ්‍යවේදියෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට…..
Spread the love

රාජපක්ෂලා හොරු කියලා මේ ආණ්ඩුව කියනවානම් ආණ්ඩුවට හොරු එක්ක ඩීල් එකක් නෑ ඩීල් එක තියෙන්නේ රටේ ජනතාව එක්ක කියලා ආණ්ඩුව කියනවානම් මේ රට චීනයට උගස් තියපු ආකාරය ගැන සේවිම සදහා වහාම ජනාධිපති කොමිසමක් පත් කිරිමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් පවසයි.

වෙබ් අඩවි ඇතුලු මුද්‍රිත/ විද්යුත් නාලිකා හරහා අනාවරණය කරන දුෂණ වංච සම්බන්ධයෙන් පරික්ෂණය කිරිම පසෙකලා එම තොරතුරු අනාවරණය කල මාධ්‍යවේදීන් පසුපස හබා යෑම පාලක පක්ෂයේ සාමාන්‍ය සිරිත වි ඇති බවයි 2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත් පත කල අනාවරණය පිළිබඳව වහාම පරික්ෂණයක් ඉල්ලා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය (NMWJ) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට(FCID)පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සදහන් කර සිටියේ.

“2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වියදම් සඳහා චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම සම්බන්ධයෙන් ගවේෂණාත්මක අනාවරණයක් නිව්යෝර්ක් ටයිම්ස් පුවතේ පතේ දකුණූ ආසියානු වාර්තාකාරිනී Maria Abi-Habib කරලා තියෙනවා.

“මේක නිකන්මනිකන් සල්ලි ගැනිල්ලක් නොවෙ රටවල් දෙක්ක අතර සිදුවන ගණුදෙනුවක් ඇගේ අමාරුවට සල්ලි දෙන රටවල් නෑ ඉතාම පැහැදිලිව මොන ආණ්ඩුවක් හරි වෙනත් රටකින් සල්ලි ගන්නවා නම්,ඩීල් කරනවා නම් ඒ පිටුපස භයානක කුමන්ත්‍රණයක් තියේන බව අපි අමුතුවෙන් කියන්න ඔනේ නෑ.

“ඒ වගේම ඇයගේ අනාවරණයේදි ඇය විසින් මෙම අදාළ මුදල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සදහා ලබාදිම සදහා භාවිතා කර ඇත්තේ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ “HPDP Phase 2″ නම් වූ චීනයේ වරාය පාලනය කරන ගිණුමක් හරහා බවත් ඇය විසින් අනාවරණය කරල තියේනවා.” “එහෙනම් දැන් මොකක්ද ප්‍රශ්ණය වහාම පරික්ෂණයක් කරන්න.ජනාධිපති කොමිසමක් පත් කරන්න,රට පාවාදිලා ඡන්ද කරපු අය අල්ලන්න .ඒ නිසා අපි කියනවා වහාම පරික්ෂණ ආරම්බ කරන්න.

ඒ විතරක් නොවේ රාජපක්ෂලාත් දැන් එලියට ඇවිල්ලා කියන්න ඇත්ත මොකක්ද කියලා.ඔය පන්සලකට දෙකකට ගිහින් උනත් කියන්න පුලුවන්නේ අපේ ගත්තේ නෑ හමුදුරුවනේ අපිට දුන්නා විතරයි කියලා …” ඔන්න මහින්ද මහත්තයා කැමතිනම් අර නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ තියේන ඇමරිකානු ඩොලර් 38,000 ක මුදලක් අරන් නිවන් යන්න හදපු හමුදුරුවන්ගේ පන්සලට ම ගිහින් කියන්නත් පුලුවන්..

ඒ නිසා මහින්ද මහත්තයා ඔලුවට වෙඩි තිය ගන්න ඔනෙ නෑ අර සාස්තර කාරයෝ වගේ එන්න ජනතව ඉදිරියට ඇවිල්ලා ඇත්ත කියන්න… එහෙම උනොත් ජනතාව සලකා බලයි…

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට(FCID) කල පැමිණිල්ලද මේ සමග එවා ඇත.

(සැ:යු අදාල පැමිණිල්ලේ ඉංග්‍රීසී පරිවර්තනය ලැබිමට සලස්වනු ලැබේ )

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක, මූල්‍ය අපරාධ විමර්ශන අංශය, අංක 356 බී, කොළඹ 03. 22.06.2018 අධ්‍යක්ෂකතුමණි, 2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වියදම් සඳහා චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත් පත විසින් කරන ලද අනාවරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස කරන ලබන ඉල්ලිමයි. හම්බන්තොට වරාය ඉදිකිරිම් කටයුතු කල චයිනා හාබර් සමාගම (China Harbour Engineering Company) 2015 ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යපාරය වෙනුවෙන් අවස්ථා කිහිපයකදි ඩොලර් මිලියන 7.6 ක මුදලක් ලබාදි ඇති බව පසුගිය 25 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත් පතේ දකුණූ ආසියානු වාර්තාකාරිනී Maria Abi-Habib කල ගවේෂණාත්මක අනාවරණයේ සදහන් වුණා. ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර රටට ඇත්ත අනාවරණය කරන ලෙස අපි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් ඉල්ලා සිටිමු.

අදාළ සමාගමේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙහි (Standard Chartered)ගිණුමෙන් ඩොලර් මිලියන 7.6 ක මුදලක් මහින්ද රාජපක්ෂගේ සම්පූර්ණ මැතිවරණ ව්‍යාපාරය සදහා ලබාදි ඇති අතරම එම බැංකු ගිණුමේ ගිණුම් වාර්තා ලේඛනය විස්තර අනුව එහි සත්‍යතාව තහවුරු කර ගැනිමට හැකියාව ලැබි තිබෙන බව ඇය විසින් තම වාර්තාවේ සදහන් කර තිබේ.

අදාළ මුදල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සදහා ලබාදිම සදහා භාවිතා කර ඇත්තේ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ “HPDP Phase 2” නම් වූ චීනයේ වරාය පාලනය කරන ගිණුමක් හරහා බවත් ඇය විසින් අනාවරණය කර සිටි. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දින 10කට පෙර ඩොලර් මිලියන 3.7 ක චෙක්පත් රාජපක්ෂ මහතාගේ සමිපතමයන්ට බෙදා දිමට කටයුතු කර ඇති බවත් ඊට අමතරව බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක මුදලක් ගෙවා ඇති බවත් එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

මෙයට අමතරව මිලියන 1.7 ක චෙක්පත් ස්වේච්ඡා සේවකයන් හට බෙදා දිම සදහා අරලියගහ මන්දිරයට භාර දිමටද කටයුතු කර ඇති බවත් එම අනාවරණයේ සදහන් වේ. පසුගිය කාලය පුරාවම පුවත්පත් මෙන්ම වෙබ් අඩවි ඇතුලු මාධ්‍ය හරහා අනාවරණය කරන ලද රටේ සිදුවන දුෂණ, කොල්ලකෑම්, වංචා මෙන්ම ඝාතනයන් සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් සිදු නොවු බව අප සියලුම දෙනා පිළිගත යුතු සත්‍යයකි. රට හමුවේ අනාවරණය වන දුෂිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිම වෙනුවට අදාළ දුෂණ,වංචා මෙන්ම ඝාතනයන් අනාවරණය කල මාධ්‍යවේදීන්ට සිය ජිවිත වලින් පවා වන්දි ගෙවන්නට පසුගිය කාලයේ සිදුවිය. ඒ හේතුවෙන් එම පරීක්ෂණ ලෙසටම මේ සම්බන්ධයෙන් ද කටයුතු නොකොට නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත් පත කර ඇති මේ අනාවරණය සම්බන්ධයෙන් වහාම විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙසත් ඒ හරහා එම වාර්තාව අනාවරණය කර ඇති තොරතුරු සත්‍යද? නැතිනම් අසත්‍යද යන්න ස‌ොයා බලා එලිකරන්න…