‘වර්ණ‘ ගැන ඔබට විවිධ අදහස් සහ ආශාවන් තිබිය හැකිය. ඒ ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් ඒ වර්ණ ‘අදාළ‘ විය යුතුය. නැතිනම් ඔබට කිසිවක් නොලැබෙනු ඇති අතර ඔබව බලාගත් අත බලාගෙන සිටීමට සිදුවනු ඇත.

දැන් අපි ප්රශ්නය වෙත එමු. ඔබ වඩාත්ම විශ්වාස කරන්නේ කුමන වර්ණයද? රාත්‍රී සාදයක් හෝ උත්සවයක් සඳහා පිටත්ව යන විට ඔබේ මතකයට එන පළමු වර්ණ තේරීම කුමක්ද?
අපට ඉදිරියට යා හැකිය, නමුත් සත්‍යය නම්, කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන එක් වර්ණයක් තිබේ. එනම් අවස්ථාව කුමක් වුවත් එය ‘රතු‘ ය.
එය සංකේතවත් කරන්නේ ප්‍රේමය, ප්‍රීතිය, ධෛර්යය, කාමුකත්වයයි. ඔබ යන ඕනෑම තැනක ක්ෂණිකව හිස හරවා ඔබව අවධානයට ලක්කිරීමේ හැකියාව එයට ඇත. විශේෂයෙන්ම අප ජීවත් වන යුගයේ, ඔබේ විලාසිතා තේරීම් සමඟ සාමාන්‍ය වීම විකල්පයක් නොවන අතර, රතු පැහැය ක්ෂණිකව ප්‍රයෝජනවත් වේ.
රතු පැහැය අගය කරන අප පමණක් නොව, ලොව පුරා සිටින අපගේ ප්‍රියතම විලාසිතා ශිල්පීන් ද එකම මතයක සිටිති. ආදරයේ වර්ණයෙන් ඔවුන්ගේ හොඳම පෙනුම දෙස බලන්න එන්න,

කයිලි ජෙනර් මේ සැරසී සිටින්නේ අලුත්ම අලුත් විලාසිතාවකිනි. එය ඇය වඩාත්ම ප්‍රියකරන විලාසිතාවක් බව ඇය සහතික කොට කීවාය. ඇයගේ අත බැදි විශාල ඔර්ලෝසුව රතු පැහැ මේ නවීන විලාසිතාවට අලුත් යමක් එක්කර ඇති බව පැහැදිලිව දැකගත හැකිය. මේ ආකාරයෙන් කයිලිව දුටු ඇසක් සදාකල් ඇය දෙසම බලාසිටිනු ඇති බව නම් නිසැකය.

සුපිරි නිරූපිකාවක වන ගිලි හැඩිඩ්ට රතු පෆර් ජැකට්ටුව පියාපත් යුවළක් බවට පත්ව ඇත. ඇය නිර්මාණශීලී ලෙසත්, වෘත්තීමය ලෙසත් වර්ණ මිශ්‍රණය මනාව කරගෙන ඇත. බලන්න රතු පැහැය සුදු සහ කලු සමග අපූරු ලෙස මිශ්‍රවී ඇති ආකාරය.

සෝනම් කපූර් අහුජාගේ මේ තෝරා ගැනීම ගැන ඔබට කිසිවක් පැවසීමට නොහැකි බව නිසැකය. ඇය තනි රතු වර්ණයට බැසීම වෙනුවට නාවික නිල් තුළ රතු ගිල්වා ඇත. එය කදිම වර්ණ සංකලනයක් වන අතර ඇසට ප්‍රිය තෝරා ගැනීමකි.

කරිෂ්මා කපූර් රතු ඇඳුමකින් සහ රතු පාවහන්වලින් සැරසී සිටින ඡායාරූපය අපව පුදුමයට පත් කර තිබේ. හොදින් බලන්න ! ඇය දෙතොල්වලට කිසිවක්ම කර නැත. එය ඇයගේ ආකර්ෂණය තවත් වැඩිකර තිබේ.

රතු සාරියක් යනු සම්භාව්යයකි මෝස්තරයකි. ඔබට එය වැරදියට කළ හැකි ක්‍රමයක් නොමැත. කත්රිනා කයිෆ් ඒ බව සැබවින්ම තහවුරු කර තිබේ.

දීපිකා පදුකෝන් රතු පැහැයෙන් සෑම දෙයක්ම සාධාරණීකරණය කරයි: විශ්වාසය, කාමුකත්වය සහ බොහෝ ආශාවන්. ඇය අප සියලු දෙනාගේ හදවත් පැහැර ගෙන ඇත.
ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි