රථවාහන වැරදි 33 ක් සඳහා වන දඩ මුදල් මෙම මස 15 වැනිදා සිට වැඩි කෙරේ. 306
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිsල්වා මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම දඩ මුදල් වැඩි කෙරෙන අතර වැරදි කිහිපයක් සඳහා දඩ නියම නොකර නඩු පැවරේ.
ඒ අනුව වේග සීමා විධිවිධාන උල්ලංඝනය කිරීමේ වරදට මෙතෙක් නියම කරන ලද රුපියල් දහසේ ස්‌ථානීය දඩය රුපියල් තුන්දහස දක්‌වා වැඩිකර ඇති අතර මාර්ග නීති වලට අවනත නොවීමේ වරදට මෙතෙක් නියම කරන ලද රුපියල් පන්සියයේ ස්‌ථානීය දඩය රුපියල් දෙදහස දක්‌වා වැඩි කර තිබේ.
අංක තහඩු සම්බන්ධ වැරදි, ආදායම් බලපත්‍රයේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධ වැරදි, මෝටර් රථය පාලනය කර ගැනීමට බාධාවක් නොවෙනසේ ධාවනය කිරීම, ආරésත හිස් වැසුම් පැළඳීම පැහැර හැරීමේ වැරදි, ආදිය සම්බන්ධයෙන් මෙතෙක් නියම කරන ලද ස්‌ථානීය දඩ මුදල වූ රුපියල් පන්සියය රුපියල් දහස දක්‌වා වැඩි කර තිබේ.
වාහනය පැදවීමේදී සහ අනෙකුත් අවස්‌ථාවන්හිදී නුසුදුසු සංඥ භාවිත කිරීමේ වරදට මෙතෙක් පැවැති රුපියල් සියයේ ස්‌ථානීය දඩය රුපියල් දහස දක්‌වා වැඩිකර ඇත.
මෝටර් වාහන පාපුවරුවේ ගමන් කිරීම හෝ ගමන් කිරීමට ඉඩ ලබාදීමේ වරදට නියම කරන ලද රුපියල් එකසිය පනහේ දඩය රුපියල් පන්සීය දක්‌වා ද, මෝටර් වාහනවල ඉදිරිපස අසුන්වල සිටිය හැකි තැනැත්තන් සංඛ්‍යාව ඉක්‌මවා ගෙන යැමේ වරදට මෙතෙක් පැවැති රුපියල් එකසිය පනහේ ස්‌ථානීය දඩය රුපියල් දහස දක්‌වා වැඩි කර ඇත.
පොලිස් නිලධාරීන්ගේ විධාන සහ සංඥවලට අවනතවීම පැහැර හැරීමේ වරදට මෙතෙක් නියම කරන ලද රුපියල් දහසේ ස්‌ථානීය දඩය රුපියල් දෙදහස දක්‌වා වැඩිකර තිබේ.
නව ගැසට් පත්‍රය අනුව ධාවනය කරන විට රියෑදුරු බලපත්‍රය රැගෙන යැමට අසමත්වීම, උපදේශක බලපත්‍රයක් නොමැතිව උපදේශක කටයුතුවල යෙදීම, අනතුරු ඇඟවීමේ උපකරණ අනිසි ලෙස භාවිත කිරීම, අධික දුම් පිට කිරීම, ආසන පටි පැළැඳ නොසිටීම, ධාවනය වෙමින් පවතින මෝටර් වාහනයකින් දැන්වීම් බෙදාහැරීම, වාහනයෙන් අධික ශබ්ද නිකුත් කිරීම, මාර්ග සංඥවලට අවනත නොවීම, ටැංකියට ඉන්ධන පිරවීමේදී ගතයුතු පූර්ව ආරක්‌ෂණ ක්‍රියා මාර්ග ගැනීමට අසමත්වීම, ආදිය ඇතුළු තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ස්‌ථානීය දඩ නියම නොකෙරන අතර එම වැරදි සඳහා අධිකරණයේ නඩු පැවරිය යුතුවේ.

