රන්වීර් සිං: රංගනයේ අති විශිෂ්ඨ බවට ඡායාරූපමය සාක්ෂි !

රන්වීර් සිං: රංගනයේ අති විශිෂ්ඨ බවට ඡායාරූපමය සාක්ෂි !
Spread the love

ජනප‍්‍රිය බොලිවුඞ් නළුවෙකු වන රන්වීර් සිංගේ 35 වැනි උපන්දිනය පසුගිය 06 වැනිදාට යෙදී තිබුණා. ඒත් ඉන්දියාව මුහුණ දී සිටින කොරෝනා වසංගතය නිසා වෙනදාට තිබුණු උත්සව සිරිය රන්වීර්ගේ උපන්දිනය වෙනුවෙන් තිබුණේ නැහැ.

ඒත් සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් ඇතුළු ඉන්දීය මාධ්‍ය නම් රන්වීර්ගේ උපන්දිනය මහත් ඉහළින් ඩිජිටල් ලෝකය තුළ සැමරීමට පියවර ගත්තා.

රශ්වීර්ගේ බොලිවුඞ් ආගමනය සිදුවන්නේ 2010දීයි. ඒ සුප‍්‍රකට චිත‍්‍රපට නිෂ්පාදකයෙකු වන ‘යෂ් රාජ් ෆ්ලිම් හි නිෂ්පාදනයක් වන ‘Band Baaja Baaraat සමගයි. එහිදී රන්වීර් සමග තවත් ප‍්‍රකට බොලිවුඞ් නිළියකගේ ආගමනයත් සිදු වුණා. ඒ අනුෂ්කා ෂර්මා.

මේ වන විට රන්වීර් බොලිවුඞ් ලෝකයේ දශයක් ගත කරලා තිබෙනවා. ඔහු මේ කාලය තුළ විශාල ජනාදරයක් හිමිකර ගෙන තිබෙනවා. ඒ වගේම තමන්ගේ දක්ෂතාත් මනාව ප‍්‍රදර්ශනය කරලා තිබෙනවා.

ඉතිං, රන්වීර්ගේ පසුගිය දශකයක බොලිවුඞ් ජීවිතයම දැක බලා ගන්න පුළුවන් අපූරු උත්සාහයක ෆිල්ම් ෆෙයාර් නිරත වුණා. ඒ ඔහුගේ විවිධ මනෝභාවයන් නිරූපනය වන ඡායාරූප එකතුවක් සකස් කිරීම තුළිනුයි. මේ ඒ සුපිරි ඡායාරූප එකතුව.

Ranveer Singh 1
Ranveer Singh 1
Ranveer Singh 1
Ranveer Singh 1
Ranveer Singh 1
Ranveer Singh 1
Ranveer Singh 1
Ranveer Singh 1
Ranveer Singh 1
Ranveer Singh 1