කාන්තාවන් රවටා ඔවුන් ලැගුම්හල්වලට රැගෙන ගොස් හොර රහසේ ඔවුන්ගේ අසභ්‍ය දර්ශන වීඩියෝ කර ඒවා අන්තර්ජාලයට යවා මුදල් උපයා ගැනීමේ ජාවාරමක යෙදුණු බවට සැකකරන තරුණයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු විසින් රාගම ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණියක් මවුපියන්ට හොර රහසේ විවාහ කරගෙන ඇය බියගම ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන විත් එහි මාස දෙකක් රඳවාගෙන මෙසේ අසභ්‍ය දර්ශන පරිගණකගත කරමින් සිටියදී පොලිසියට හසුවී ඇත.
පළමු මාසයේ එහි නවාතැන් ගාස්‌තුව වශයෙන් රුපියල් 95,000 ක මුදලක් එම ලැගුම්හලට ගෙවා තිබෙන්නේ එම තරුණියගේ රන් ආභරණ උකසට තබා බව කියෑවේ.
නමුත් දෙවැනි මාසයේ එහි නවාතැන් ගාස්‌තුව රුපියල් 65,000 ක් වී තිබූ අතර එය ගෙවීමට නොහැකිව සිටියදී ඔහු පොලිසියට හසුවී තිබේ. එහිදී ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී මේ ජාවාරම අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.
හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන විසිනව හැවිරිදි ඔහු පසුව පොලිස් ඇප මත මුදා හැර තිබෙන අතර ඔහුට විරුද්ධව ජනවාරි මස 04 වැනිදා ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කිරීමට ද නියමිතව ඇත.
මේ පිළිබඳව බියගම පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශාන්ත තිලකරත්න, උප පොලිස් පරීක්‍ෂකවරුන් වන ඩබ්ලිව්. ඒ. ආර්. විඡේලාල් හා ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. වඩුවාවල යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

