රාජ්‍ය සේවකයින්ට බතික් රෙදි අන්දවන්න දයාසිරි සූදානම් – නීතිත් ගේන බව කියයි

රාජ්‍ය සේවකයින්ට බතික් රෙදි අන්දවන්න දයාසිරි සූදානම් – නීතිත් ගේන බව කියයි
Spread the love

රජයේ සේවකයින්ට සතියට එක් දිනක්, බතික් හෝ දේශීය ඇඳුම් ඇඳගෙන කාර්යාලයට පැමිණිය යුතු නීතියක් ගෙනඒමට පියවර ගන්නා බව බතික්, අත්යන්ත්‍ර රෙදි  හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ තමාට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳව මාධ්‍යවේදීන් පිරිසක් අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති තේ පැන් සංග්‍රහය අතරතුර ඔහුගෙන් කරුණු විමසු අවස්ථාවේ දීය.

දයාසිරි ජයසේකර මහතා බතික් ඇඳුමකින් සැරසී එම අවස්ථාවට පැමිණ සිටි අතර ඔහුව කාගෙත් අවධානයට ලක්විය.