මේ විනාශය සිදුකළ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා වූ පියවර පිළිබදව මේ රටේ ජනතාව විමසිල්ලෙන් පසුවෙනවා.

පුරාවිද්‍යා ස්මාරකවලට හානි කිරීම සම්බන්ධයෙන් ගමේ බණ්ඩයියා වැනි පුංචි මිනිසුන්ට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිසුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි, බොදුබල සේනා සංවිධානයේ කැදවුම්කරු, ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කරති.
කුරුණෑගල රාජධානි සමයේ ඉදිකළ බව කියන බුවනෙකබාහු රාජ සභා මණ්ඩපයට විනාශ කිරීම නිරීක්ෂණය කිරීම සදහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඥානසාර හිමියෝ මේ අදහස් පළ කළහ.
‘උතුරු – නැගෙනහිර තිබෙන බෞද්ධ පුරා විද්‍යා උරුමයන් අන්‍යාගමිකයින් විසින් ඉවක් බවක් නැතිව බුල්ඩෝසර් කරමින් විනාශ කරනවා. ඒ දේම අද දකුණේ බෞද්ධ දේශපාලනඥයින් අතිනුත් සිද්ධ වෙන එක සංගවේගයට කරුණක්.
මේ විනාශය සිදුකළ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා වූ පියවර පිළිබදව මේ රටේ ජනතාව විමසිල්ලෙන් පසුවෙනවා.
මෙම අවස්ථාවට උලපනේ සුමංගල, වනවාසී රාහුල ඇතුළු හිමිවරුන් පිරිසක් සහභාගී වූහ.