මහනුවර පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු කණ්‌ඩායමේ සුවදුක් විමසීම සඳහා පෙරේදා (24) බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා කිහිප නමක් අනුරාධපුර බන්ධනාගාරය වෙත වැඩම කළ අතර ඔවුන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
“අපි ඉතා වගකීමෙන් කියනවා දැන් වත් මේ රට තුළ ගොඩනැගෙමින් තියන බරපතළ ගණයේ සංස්‌කෘතික ආක්‍රමණය නතර කරන්න කියලා. සාම්ප්‍රදායික මුස්‌ලිම් ජනතාව වහාබ්වාදී අන්තවාදයට ගොදුරු වෙමින් සිටිනවා. සාම්ප්‍රදායික කතෝලික ජනතාව ක්‍රිස්‌තියානි මූලධර්මවාදයට ගොදුරු වෙමින් සිssටිනවා. මේ රටේ හින්දු බෞද්ධ ජනතාව වහාබ්වාදී අන්තවාදීන්ට හා ක්‍රිස්‌තියානි මූලධර්මවාදීන් යන දෙපිරිසටම ගොදුරු වෙමින් සිsටිනවා. ඒ නිසා තැන්තැන්වල විශාල ආතතියක්, විශාල අවිශ්වාසයක්, මේ ආගමික කොටස් අතර ගොඩනැගෙමින් තිබෙනවා. අවාසනාවකට මේවා පාලනය කිරීමට හරි හමන් වැඩපිළිවෙලක් නොමැති කම ගැන අපි ජාතියක් විදියට කනගාටුවනවා. කොයි තරම් කාලයක් එකිනෙකාට වෛර කරමින් අපි මේ ගමන යන්නද? එකිනෙකාගේ මුහුණ නොබලා විරසකව ද්වේශයෙන් අපිට මේ ගමන යන්න බැහැ. සිංහල, දමිළ හා මුස්‌ලිම් භේදයක් නැතිව මේ රටේ පරිසරයක් හදන්න, මේ අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමය පැත්තකට දාලා රටක් හැටියට එකට හිටගන්න පුළුවන් පරිසරයක් තමයි අප නිර්මාණය කරගත යුතු වන්නේ, එහෙම නොමැති වුව හොත් මේවා කෙළවර වෙන්නේ මහා ගැටුම් මැදින්. තෙල්දෙනිය හා මහනුවර ප්‍රදේශවල ඇතිවූ ගැටුම්වලට මහසෝන් බළකායේ අමිත් විරසිංහ වත් අනෙක් තරුණයින් වත් නෙවේ අත්අඩංගුවට ගන්න ඕනේ, මේ රටේ නිදහසින් පසුව ගෙවුණු වසර 70 ක කාලය තුළ මේ රටේ පාලකයෝ අසමත් වෙලා තියෙනවා රටේ වාර්ගික සංහිදියාව ඇති කරන්න. ජනවර්ග අතර ඇතිවෙලා තියෙන මේ ඝට්‌ටනය ඒ වගේම වාර්ගික කොටස් අතර ඇතිවෙලා තියෙන ආතතිය දුරලන්න පමණක් නොවෙයි, මේ රටේ මිනිසුන්ගේ බලාපොරොත්තු ඉහළ නංවන්නත් මෙරට කරවපු සියලු පාලකයෝ අසමත් වුණා. එවැනි වටපිටාවක රටේ ඇතිවන බොහෝ නොසන්සුන්තාවලදී ජාතික සංවිධාන වෙනත් ආවේගකාරී තරුණ කොටස් විවිධ කණ්‌ඩායම් සිතනව ජාතිය වෙනුවෙන් අපි කුමක් හරි කරන්න ඕන කියලා. ඔවුන් යම් යම් දේ කරනවා ඉතින් අවසානයේදී ඒ අය අපරිමිත ලෙස අදුරදර්ශීව මේ කටයුතුවලට අත පෙවීමේදී නීතියේ රැහැනට හසු වෙනවා. අවසානයේදී ඒ අයගෙ දෙමම්පියන් හා ඒ පාර්ශ්වයන් පීඩාවට පත් වෙනවා.
තෙල්දෙණිය හා මහනුවර ඇතිවූ සිද්ධීන් වලදී අපි දැක්‌කා පාලනයකින් තොරව මේ රටේ පොලීසිය හැසිරිච්චි ආකාරය, අපි ඉතා පැහැදිලිව කියනවා මේ මහනුවර සහ තෙල්දෙණිය ප්‍රදේශවල ඇතිවූ අවාසනාවන්ත සිද්ධීන්වලට මේ රටේ අගමැතිවරයා සෘජු ලෙස වගකිව යුතුයි කියා. ඒ සිද්ධිය වෙනකොට අගමැතිවරයා තමයි මේ රටේ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා. තෙල්දෙණියේ සිට දිගන බලගොල්ල දක්‌වා කිලෝ මීටර් දා හතක ප්‍රමාණයක දේපළවලට හානි කරමින් පිටස්‌තර ප්‍රදේශවලින් පැමිණිs කණ්‌ඩායම් පහරදි තිබෙනවා. නමුත් අත්අඩංගුවට අරන් තියෙනවා මේ කිසිම දේකට සම්බන්ධ නැති මේ ඇවිලෙන ගින්න නිවන්න මැදිහත් වුණු තරුණයින් කීප දෙනෙක්. ඔවුන් බන්ධනාගාර ගත කරලා තිබෙනවා. විලි වසා ගන්න බොහොම ලැඡ්ජා සහගත ක්‍රියාවලියක ආණ්‌ඩුව නිරත වනවා. අපි මේ රටේ ජනාධිපතිවරයාට කියනවා මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා.”

