ගිය වර්ෂය (2017) සඳහා වන මහ බැංකුවේ නවතම වාර්තාව ඊයේ (26 දා) නිකුත් වූ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පිරිහුණත් එය විදේශ ණය පියවීමට කිසිදු බාධාවක් නොවන්නේ යෑයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ඊයේ (26 දා) මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
විදේශ මුදල්වලින් ගන්නා ණය පියවන්නේ විදේශ මුදල්වලින් නිසා එහිදී විදේශ ණය බර වැඩිවීමක් සිදුනොවන බවද මහ බැංකු අධිපතිවරයා එහිදී කියා සිටි අතර ගිය වර්ෂය (2017) සඳහා වන නවතම මහ බැංකු වාර්තාව නිකුත් වීම නිමිත්තෙන් ඊයේ (26 දා) මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රුපියල පිරිහීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ,
” අප විදේශ ණය ගන්නේ විදේශ විනිමයෙන්. එනම් ඇමරිකානු ඩොලර්වලින්. ඒවා නැවත ගෙවිය යුතු වන්නේද ඇමරිකානු ඩොලර් වලින්. ගිණුම්කරණ අවශ්‍යතාවලදී එය රුපියලේ වටිනාකමින් සටහන් කරනවා. එවිට එම අගය ඉහළ යනවා. එහෙත් විදේශ ණය පියවීමේදී ඒවා ගෙවන්නේද ඩොලර්වලින්. ඒ නිසා රුපියල පිරිහීම නිසා විශාල මුදලක් රජයට අහිමි වෙනවා කීම සහ එම මුදල් වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්න තිබුණා කියා කීම සම්පූර්ණයෙන්ම කිසිම තේරුමක් නැති කතාවක් බවද එසේ නම් එහි අනිත් පැත්ත සැලකූ විට රුපියල අධිප්‍රමාණය කිරීමෙන් රජයට මුදල් උපයා ගතහැකි බවද ඒ නිසා රුපියල පිරිහීම නිසා රජයට මුදල් අහිමි වන්නේ යෑයි කීම සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු ප්‍රකාශයක් බවද මහ බැංකු අධිපතිවරයා කීවේය. ගිය වසරේ (2017) ආර්ථිකය සියයට 3.1 කින් වර්ධනය වෙලා තියෙනවා. අපි හිතන්නේ විභව ආර්ථික වර්ධන වේගය සියයට 5.75 ක් කියලයි. ඒ අනුව ඉතාම පැහැදිලිව නිමවුමේ විශාල පරතරයක් තියෙනවා. ඒ නිසයි සති කිහිපයකට පෙර මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීමකට ලක් කළේ. එමගින් යම් ප්‍රගතියක් ලැබෙයි. ඒ සඳහා අපට ආයෝජන අවශ්‍යයි. එහෙත් අපට අඛණ්‌ඩ ප්‍රතිසංස්‌කරණ සමග ඉහළ ආර්ථික වර්ධනයකට යන්න අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා සිනහමුසුව කීවේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ කීවේය.
“අද මහ බැංකු වාර්තාව (2017) මුදල් නීති පනත අනුව මුදල් ඇමැතිතුමාට පිළිගැන්වූවා. 2017 වසරේ සහ 2018 වසරේ පසුගිය මාස තුන ඇතුළත උද්ධමනය පාලනය කර ගැනීමට අපට හැකි වුණා. නමුත් ආර්ථික වර්ධන වේගය ගත්තම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අපි බලාපොරොත්තු වුණාට වඩා අඩු වාර්ෂික වර්ධනයක් ලැබිලා තිබෙන්නේ සියයට 3.1 ක් කියන්නේ අපේ රටේ ලබාගත හැකි ආර්ථික වර්ධන වේගයට වඩා තරමක් අඩු වර්ධන වේගයක්. එය සලකා බලා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන රාමුවෙන් යම්කිසි ආකාරයකින් ඉවත් වෙලා අපි සාමාන්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන තත්ත්වයකට පත් කළා. ඒ අනුව උද්ධමනය මේ මට්‌ටමේ පවත්වාගෙන යන ගමන් ආර්ථික වර්ධනයේ යම්කිසි ඉහළ මට්‌ටමක් ඉදිරියේදී ඇති වෙයි කියල අපේක්‍ෂා කරනවා.
2017 වසර තුළදී සියයට 2 කින් තමයි විනිමය අනුපාතය අවප්‍රමාණය වුණේ. විදේශ විනිමය අනුපාතය පාලනය කිරීමේදී 2017 මාර්තු, අප්‍රේල් මාසවලින් පසුව අදාළ මහ බැංකු විදේශ විනිමය අනුපාතය තීරණය කිරීමේදී මහ බැංකුවේ මැදිහත් වීම පුළුවන් තරම් අයින් කරල තියෙන්නේ. අපි මැදිහත් වුණේ සංචිත ගොඩනැඟීමේ අවස්‌ථාවට පමණයි. එවැනි තත්ත්වයක් තුළත් විදේශ විනිමය වෙළෙඳ පොළ ඉතාම ස්‌ථාවර ආකාරයකට හැසිරුණා. විශේෂයෙන් වෙළෙඳ පොළ තුළින් තීරණය වූ විදේශ විනිමය අනුපාතයක් තිබුණා. ඒ අනුව පසුගිය දිනවල අපි දැක්‌කා විදේශ විනිමය අනුපාතයේ යම්කිසි ආකාරයක විචලනයක්. එක එක වෙලාවට අඩු වෙනව සහ වැඩි වෙනවා වගේ තත්ත්වයන් දිගටම දක්‌නට ලැබුණා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. මහ බැංකුවේ මැදිහත්වීම අඩු නිසා ඉස්‌සරට වඩා උච්චාවචනය වීම වැඩියි. ඒක වැඩිනම් ඊට මැදිහත් වෙලා කටයුතු කරන්නත් මහ බැංකුවට අයිතියක් තියෙනවා.”
රුපියලේ අගය පිරිහුණත් විදේශ ණය පියවීමට එය බාධාවක් නොවේ
