ලංකාවේ කාන්තාවන් 10ක් දිනපතා පියයුරු පිළිකාවට බිලිවෙයි

ලංකාවේ කාන්තාවන් 10ක් දිනපතා පියයුරු පිළිකාවට බිලිවෙයි
Spread the love

‘ජාත්‍යන්තර පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීමේ මාසය‘ ලෙස ඔක්තෝබර් මාසය නම්කර ඇත. මෙවර එහි තේමාව වන්නේ ‘කලින් හදුනා ගනිමු – ජීවිත සුරකිමු !‘ යන්නයි.

ලෝකයේ කාන්තාවන් අතර බහුලම පිළිකාව පියයුරු පිළිකාව වන අතර ශ්‍රී ලංකාවේ ද බහුලම පිළිකා විශේෂය වනුයේ පියයුරු පිළිකාවයි.

පියයුරු පිළිකා වැළදෙන කාන්තාවන්ගෙන් බහුතර වසය අවුරුදු 50 හෝ ඊට ආසන්න වයසේ පසුවන කාන්තාවෝ වෙති.

ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව පියයුරු පිළිකා රෝගීන් 3000-3500ක් පමණ අලුතින් හදුනා ගන්නා අතර දිනකට කාන්තාවන් 9-10 පමණ අලුතින් පියයුරු රෝගීන් බවට පත් වෙති.

පියයුරු පිළිකා සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම සදහා විශේෂ ලිපි පෙළක් මෙම මාසය පුරාම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අපි පියවර ගන්නා බව ද ඔබට දැනුම් දෙමු.