ලංකාවේ වත්මන් තත්වය ගැන ඇමරිකාවේ මතය ප්‍රකාශ කරයි

ලංකාවේ වත්මන් තත්වය ගැන ඇමරිකාවේ මතය ප්‍රකාශ කරයි
Spread the love
ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශ්වවලට එරෙහිව ශ්‍රී ලංකා රජය කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන අතර රටේ සුළු ආගමික සහ ජනකොටස්වල ආරක්ෂාව සුරක්ෂිත කරමින්, දැනට ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතු යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. 
“නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ සමානාත්මතාව සාමයට මෙන්ම සහජීවනයට අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, රජය ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශවවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.
වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. මානව හිමිකම් මෙන්ම, සියලු පාර්ශ්වවල මූලික නිදහස ආරක්ෂා කරමින් සුළු ආගමික කොටස් සහ ඔවුන්ගේ ආගමික ස්ථාන ආරක්ෂා කරමින් හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතුව ඇත.” යැයි එම නිවේදනයේ තව දුරටත් සඳහන්ව ඇත.