ලංකා ඉතිහාසයේ හිටපු ලොකුම හොරා නීතීඥ සංගමේ සභාපති UR de Silva ම තමයි

ලංකා ඉතිහාසයේ හිටපු ලොකුම හොරා නීතීඥ සංගමේ සභාපති UR  de Silva ම තමයි
Spread the love

නීතීඥ සංගමයේ වත්මන් සභාපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා ලංකා ඉතිහාසය තුල සිටි දූෂිතම නිළධාරියා ලෙස නීති සංගමයේ හිටපු සභාපති වරයෙකු වන උපුල් ජයසූරිය විසින් ප්‍රකාශ කරයි.

ඔහු ඒ බව පැවසුවේ පසුගිය දිනක රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරේ අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් වීම විශේෂත්වයකි.නීතීඥ සංගමයට 2016 වසරේ පපචුවල් ට්‍රෙෂරීස් ආයතනයෙන් මිලියන දෙකහමාරක චෙක්පතක් ලබා ගැනීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා විසින් සීඅයිඩීය වෙත පැමිණිලි කර ඇති අවස්ථාවක එම මිලියන දෙකහමාර ලබාගෙන ඇත්තේ මෙම ඡෝදනා කරන උපුල් ජයසූරිය මහතාගේ කාලයේ එතුමන් විසින් සංවිධානය කල වැඩකට බව එම ඇමතුමේදීම උපුල් ජයසූරිය විසින් පිළිගැනීමද විශේෂත්වයකි.

උපුල් ජයසූරියට ආයෝජන මණ්ඩලය සම්බන්ධවද ඡෝදනා 241ක් තිබූවත් ඔහු විසින් වත්මන් නීතීඥ සංගමේ සංභාපති යූආර් ද සිලිවා මහතාට එල්ල කරන මෙම ඡෝදනාව සුළුපටු නොවන අතර යූආර් ද සිල්වා මහතා මේ වන විටත් මේ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කර නොමැත.