ගණිකා වෘත්තිය ඉන් ප්‍රබලතම සමාජ ප්‍රශ්නයකි. දකුණු ආසියාවේ පමණක් මිලියන තුනකට ආසන්න ගණිකාවන් පිරිසක් ජීවත්වන බව මේ පිළිබඳ කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත.
ළමයින් පිරිමින් කාන්තාවන්සේම ලිංගික විපරිතයන්ට ලක් වූ අයද මේ පිරිසට අයත් වන බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
ඒ අතර ගණිකා වෘත්තියේ යෙදෙන යුවතියන්ට ඇත්තේ මහත් වූ ඉල්ලුමකි. ළාබාල වියේ පසුවන ඔවුන් අකමැත්තෙන් වුවත් ගණිකා වෘත්තියට ඇදගෙන යාම මෙම රවටල වෙසෙන සංවිධානාත්මක ජාවාරම් කරුවන් විසින් සිදු කරනු ලබන්නකි.
එලෙස මෙම ව්‍යාපෘතියට එන මෙම යුවතියන් නිශ්චිත කාලයක් ජීවත්වන්නේ සුරඟනන් ලෙසටය.
එහෙත් මෙවන් සුරඟනන් බොහෝ දෙනා අන්ත අසරණ පවුල්වල අයවෙති. කුල පීඩනය, ආර්ථික පීඩනය දරාගත නොහැකිව මහ මඟට පිලිපන් අයද කුලයෙන් නෙරපීමෙන් පසු අතවරයට ලක් වූ යුවතියෝද ඒ අතර වෙති.
තවත් සමහර ළාබාල දැරියන් ඈත දුෂ්කර ගම්මානවල පදිංචි දෙමාපියන් රවටා පැහැරගෙන එනු ලැබු අයවෙති.
බිමට වැටුණු සුරඟනන් කෘතිය ඇසුරෙන් සැකසු එම ලිපි පෙළ ගණිකා මඩම් හා ලිංගික වෙළදාමේ නියුතු තැනැත්තන්ගෙන්ම ලබාගත් තොරතුරු මත සම්පාදනය වී තිබේ. මෙම කෘතිය ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 14 දෙනකු විසින් රචනා කරන ලද්දෙකි.
ලිංගික වෙළඳාම, ළමා ගණිකා වෘත්තිය, ගණිකා මඩම් සංස්කෘතිය ගැඹුරින් විමසා බලන්නට මේ කෘතිය උත්සාහ දරා ඇත.
බොහෝ මාධ්‍යවේදීන් මෙවන් බියකරු ගුප්ත ලෝකයක සැරිසරන්නට බිය වන්නේ මත්ද්‍රව්‍ය, පාතාලය හා මැරකල්ලි මේ පිටුපස ක්‍රියාත්මක වීම නිසාය.
බිමට වැටුණු සුරඟනන් තුළින් ඔබ කියවන මේ අහිංසකාවියන් ගේ කතා අපේම සමහරක් සොයුරියන් ගේ කතා හා සමාන නොවන්නේද?
දමිළ බසින් සින්න නායි කියලා කියන්නේ පොඩි බලු පැටියට. සින්න පාපා කියන්නේ පොඩි ගැහැනු ළමයට.
මේ විදියට දරුවන් හඳුන්වන්නේ නැතත් නව දිල්ලියේ පාරවල් වල හිඟාකාලා ජීවත්වන පවුල් වල දරුවන් වගේම පාරවල් වල එක එක බිස්නස් වැඩකරලා ජීවත්වන දරුවන් හඳුන්වන්නේ “සින්න නායි” එහෙමත් නැත්තම් පොඩි බලු පැටව් කියලයි.
ලක්ෂ්මිත් එහෙම කෙල්ලක්. කළු වුණත් ගොඩාක් හැඩකාර ලක්ෂ්මි හැදුණේ වැඩුණේ මහපාර අද්දර පේමන්ට් එකේ.
ලක්ෂ්මිගේ අම්මා තාත්තා මල්ලිලා ජීවත් වුණේ “ස්විපිං” බසාර් එකේ ලොකු බඩු ලොරිවලින් වැටෙන හාල්, පිටි, සීනි, අල, ළූණු එකතු කරලා ඒවා විකුණලා.
එහෙමත් නැත්තම් නව දිල්ලියේ මාර්කට් බසාර් එකෙන් ඉවත් කරන එළවළු පලතුරු ආපහු අරගෙන සෝදල අඩු ගානට විකුණලා.
මුළු ජීවිතයම දුක් කන්දක් කරගත්තු පේමන්ට් එකේ දිවිගෙවු ලක්ෂ්මී අද ගොඩාක් සල්ලි තියෙන බාලවයස්කාර ගෑනියක්.
පේමන්ට් ලක්ෂ්මි අපිට හම්බ වුණේ නව දිල්ලියට කිට්ටුවම තියෙන කාමතිපුරම් වලදී.
“නවදිල්ලියේ පේමන්ට්වල බුදියගන්න ගැහැනුන්ගෙන් භාගයක්ම මාව දන්නවා මහත්තයා.”
ලක්ෂ්මි කතාව පටන් ගත්තා. අපි දුටු අනිත් අයට වඩා ලක්ෂ්මි මුඛරියි. කියන්න වුවමනා දේ කෙලින්ම කියල දාන්න එයා පැකිළෙන්නේ නැහැ.
කොහොමද ඔයා මේ ජොබ් එක හොයාගත්තේ?
මං එයාගෙන් ඇහුවා. විනාඩියක් විතර හිනාවුණ ලක්ෂ්මි එයාගේ ජීවිත කතාව අපිත් එක්ක කියන්න පටන් ගත්තා.
“මං පුංචි කාලේ ඉඳලම හැදුණෙ වැඩුණේ මහ පාරේ. ජිවත්වුණේ කෑවේ බිව්වේ පවා මහපාරේ. අම්මල තාත්තලා අපිව දාලා බසාර් (වෙළෙඳපළවල්) වලට ගියාම දවස් දෙක තුනේ අපි තනිවෙලා ඉන්නවා. මම ලොකු ළමයෙක් වෙලා දවස් පහක් යන්න කලින් මේ පේමන්ට් එකේම නාටාමියෙක් මට කරදර කළා. ඒක දැනගත්ත තාත්තා උගේ අත යකඩ කොක්කකින් ඉරුවා. ඊට පස්සේ ඌ මේ පළාත අත ඇරලා ගියා.”
“පේමන්ට් එකේ රහස් නැහැ. මට වෙච්ච දේ මුළු බජාර් එකම දැනගත්තා. පුංචි කාලේම මට වෙච්ච කරදරෙන් මං පාඩමක් ඉගෙන ගත්තා. ඒත් මට තවදුරටත් මගේ ජීවිතය ආරක්ෂා කර ගෙන ඉන්ට බැරි වුණා. “නව දිල්ලියේ ජෙගා” මුළු දිල්ලියම හොල්ලගෙන හිටපු පාතාල නායකයෙක්. දවසක් මිනිහා සුදුපාට කාරෙකකින් මං ඉන්න තැනට ඇවිල්ලා උඹ ද ලක්ෂ්මි කියන්නෙ නැගපං වාහනේට කියලා කිව්වා. ඒක දැකපු මගේ තාත්තා දුවගෙන ඇවිල්ලා “උඹට මගේ දුව අරගෙන යන්න බැහැ” කියලා යකඩ උලක් අරගෙන ආවා. ජෙගා පයින් ගහපු පාරට තාත්තා විසිවෙලා ගිහින් කාණුවකට වැටුණා. මට මේක බලාගෙන ඉන්න බැරි තැන මං උගේ අතේ ඇගිලි වෙන්වෙන්නම හැපුවා. උගේ අතේ ඇටකටු දක්වාම මගේ දත් පාරවල් වැදුණා. ඌට යකා ආවේශ වුණා.”
“දාගනියව් මේ බැල්ලිව වාහනේට” ජෙගා ගේ ගෝල බාලයෝ මාව වාහනේට දාගෙන උන් ඉන්න තැනට ඉගිල්ලුණා.
ජෙගාගේ අතට බේත් කරල එනතුරුම මාව කාමරේක දාලා ලොක් කරලයි තිබුණේ. රෑ එකට විතර ජෙගා ආවා.
“උඹ විතරයි. මට බය නැතුව ෆයිට් කරපු ගෑනි. මම උඹට කැමතියි.”
”එහෙම කිව්ව ජෙගා මාව වැළඳ ගත්තා. උගෙන් බේිරිලා යන්න මට බැරිවුණා. ඒකට හේතුව ඌ ගාව මදාවියෝ විස්සක් විතර හිටියා. ඉතින් මගේ ජිවිතේ එහෙම්ම ගතවුණා. ජෙගා අවුරුද්දක් විතර මාව එයාගේ තවත් ගෑනියෙක් විදිහට තියාගත්තා. ජෙගාට ගෑනු තුන්දෙනෙක් හිටියා. ඔහොම ඉන්න කොට ජෙගා දිල්ලියේ බිස්නස්කාරයෙක්ව මැරුවා. ඒ… රුපියල් ලක්ෂ දහයක ක්‍රොන්තුත්තුවකට. ඊට පස්සේ මාසයකට විතර පස්සේ ජෙගා ව පොලිසියට මාට්ටු වුණා. ඒ වෙනකොටත් ජෙගාගේ දිල්ලි බිස්නස් ඔක්කොම බලාගත්තේ මම. ඉතින් මේ බිස්නස් එකට නිකම්ම මාව සෙට් වුණා. ”
කොහොමද ඔයා ගාව ඉන්න ළමයි පැනලා යන්න හදන්නේ නැත්ද?
“පිට ඉඳන් බලන කෙනෙකුට මේ රස්සාව වහල් සේවයක,් ලොකු පාපයක් කියලා හිතෙනවා. ඒත් මේි ජීවිතයට හුරු වුණ කෙනෙකුට ඒක ලොකු සැපතක්. කස්ටමර්ලා එක්ක ගියාම එයාට කෑම බිම නිකන් ලැබෙනවා. ඉන්න හිටින්න, නාගන්න, අඳින්න. ලෙඩට දුකට බෙහෙත් ඔක්කොම ලැබෙනවා. කොහොමටත් මගේ ගාස්තුවත් බේරලා මාසේ අන්තිමට රුපියල් 40,000 – 50,000ක් විතර එයාලට හම්බකර ගන්න පුළුවන්. තමිල් නාඩුවේ ගුරුවරියක්වත් මෙච්චර මුදලක් හොයාගන්නේ නැහැ. ඉතින් කොහොමද මහත්තයා මේ රස්සාව නරක් වෙන්නේ? ඒ නිසා මාත් එක්ක ඉන්න කෙල්ලෝ වැඩ කරනවා මිසක් පැනලා යන්නේ නැහැ. වංචාවලට මගෙන් ඉඩක් නැහැ. එහෙම මාව මුලාකරලා මට වංචා කරන ඒවුන් නව දිල්ලියේ කොහේ හිටයත් සොයාගන්න හැටිත් මං දන්නවා. පැනලා ගියොත් මුණේ පත්තෑයෙක් ඇඳෙන බව (දැලි පිහියකින් කම්මුල කැපුවාම පසුව ප්‍රතිකාර කළත් පස්සේ මුහුණෙ සිටින මැහුම් පාරවල් වල කැළලි) උන් දන්නවා. ඒ නිසා උන් නිකමටවත් පැනලා යන්න හදන්නේ නැහැ.”
කස්ටමර්ලාගෙන් ඔයාලට කරදර හිරිහැර සිද්ධ වෙන්නේ නැත්ද?
මම ලක්ෂ්මිගෙන් ඇහැව්වා.
“මොකද නැත්තේ? එක එක විදිහේ මිනිස්සු එනවා. උන් හිතන්නේ අපි කඩේකින් ගන්න බඩුවක් වගේ කියලා. ඒත් අපි එහෙම නෙමෙයි අපි කරන්නේ රස්සාවක්. අපේ රස්සාවෙත් කොන්දේසි තියෙනවා. උන් සල්ලි දුන්නට උන් කියන හැමදෙයක්ම කරන්න අපි බැඳිලා නැහැ.”
සමහරු කියනවා මෙහෙ ඉන්න ගෑනු කස්ටර්මල ව රවට්ටනවා කියලා ඒක ඇත්තද?
“ඒක බොරු කතාවක්. අපි ගාව ඉන්න අය අපිට විශේෂයි. අනිත් එක සල්ලි ගනුදෙනුව සිද්ධ වෙන්නේ මැඩම් ලා එක්ක මිසක් යන ගෑනු කෙනා එක්ක නෙවෙයි. සමහරු හොඳටම බීලා මත්ද්‍රව්‍ය අරගෙන කාන්තාවෝ ගාවට ගිහිල්ලා එයාල ගේ ෆෝන් පර්ස් අමතක කරලා යනවා. ඒවා ඒ ගොල්ලොත් එක්ක යන අපේ ළමයින්ගේ වැරදි නෙවෙයි. මම නම් නිතරම කියන්නේ කස්ටමර්ලට හොඳට සලකන්න කියලා. ආයෙත් පාරක් අපි ගාවට එයාල එන්නේ අපි හොඳ හිතින් එයාලට සැලකුවොත් විතරයි.”
ලක්ෂ්මි ඔයා වගේ ගෑනියෙක් කොහොමද මේ වගේ බිස්නස් එකක් තනියම කරන්නේ?
“මුලින්ම මම ගොඩාක් බයෙන් තමයි මේ ජොබ් එක කළේ. ඊට පස්සේ ටිකෙන් ටික මගේ බය නැතිවුණා. ජෙගා මා එක්කලා ජිවත් වෙච්ච නිසා මිනිස්සු මටත් බය වුණා. ජෙගා මිනිස්සුන්ව මරන්නේ ක්‍රොන්ත්‍රාත් අරගන්න කෙනෙක් නිසා මට කිසිම බලපෑමක් කරන්න කවුරුත් එන්නේ නැහැ. මගේ ගාවට එන්නේ අසරණ වෙලා නොයෙක් දුක් ගැහට විඳින ගැහැනු. එහෙමත් නැත්තම් කෙල්ලන්. එයාලට එක්කෝ ගෙදර යන්න බැහැ එහෙමත් නැත්තම් මහත්තයා ගාවට යන්න බැහැ. නොයෙකුත් ප්‍රශ්න. ඒ නිසා ඇත්තටම අපි ගාව ඉන්න ඒක එයාලට ලොකු සහනයක්. ලෙඩට දුකට මම නිතරම එයාලගේ පිහිටට එනවා. කාටවත්ම මේ රස්සාවෙන් පාඩු සිද්ධ වෙන්නේ නැහැ.”
කරදරකාරයෙක් ආවොත් මොකද කරන්නේ?
මම ආයෙත් ලක්ෂ්මිගෙන් ඇහැව්වා.
“මේ ජොබ් එක කරන්නේ ආරක්ෂාව සලසගෙනයි. අපිට කරදර කරන්න ආවොත් බවුන්සර්ල (ආරක්ෂාවට සිටින රැකවල් කරුවන්) කරදර කරන්න ආපු එකාට හොඳට ගුටි දීලා ගෙදර යවනවා. ඒ හින්දා අපිට කරදර කරන්න ලේසියෙන් කවුරුත් එන්නේ නැහැ. එහෙම ආවොත් වෙන්නෙ මොකක්ද කියලත් උන් හොඳින් දන්නවා.”
ඔයා ගාව ඉන්න කෙල්ලන්ට කසාද බඳින්න තහනම් ද?
මම අන්තිම ප්‍රශ්නෙත් එයාගෙන් ඇහුවා.
“මොන බොරු කතා ද. කසාද බැඳපු කීදෙනක් මගේ ගාව වැඩකරනවාද? උන්ගේ මහත්තුරු දන්නවා උන් මේ රස්සාව කරන්නේ කියලා. සමහරුන්ට කස්ටමර්ලා හොයලා ගෙනත් දෙන්නෙත් උන්ගේම මහත්තුරු. මේ කාලේ ඔක්කොටම වඩා සල්ලි ලොකුයිනේ මහත්තයා. මිනිස්සු සල්ලි හම්බකරන්න නොකරන දෙයක් නැහැ.”
එසේ කියමින් ලක්ෂ්මී බැදපු කුකුල්මස් කෑල්ලක් ගෑරුප්පුවකින් කට තුළට දමා ගත්තාය.
ඇයට අවැසිදේ සියල්ල සපයා දෙන්නේ විසිඑක්වැනි වියේ පසුවන රූ බර අඟනුන්ය.
අඟනුන්ගෙන් රජ දහනක්ව පවතින ලක්ෂ්මිගේ භවනින් මාත් මගේ සගයාත් ඉවතට පැමිණියේ ඉතාමත් සතුටකින්ය.