ලොවම කම්පා කල දුෂණයට ලක්ව මියගිය ඕස්ට්‍රේලියාවේ පාමර් දැරියගේ ඝාතකයා මෙන්න..

ලොවම කම්පා කල දුෂණයට ලක්ව මියගිය ඕස්ට්‍රේලියාවේ පාමර් දැරියගේ ඝාතකයා මෙන්න..
Spread the love

ඔස්ට්‍රේලියාවේ දරුවන් හදාවඩා ගැනීමට ලබාදීමේ නීති වෙනස්විය යුතු බවට ඇස් ඇරවූ කුඩා පාසල් ශිෂ්‍යාවගේ මරණය එරට තුළ දැඩි කතාබහක් ඇති කර තිබෙනවා.

ටියාලෙයිහ් පාමර් තමන් හදාවඩා ගැනීමට භාරගත් පියා අතින් මියයන විට ඇගේ වයස අවුරුදු 12ක් වූ අතර, පාසලේ නර්තන පන්තිය අවසන් වී ගෙදර පැමිණි ඇයගේ නිසල සිරුර යළි හමුවූයේ මාස කිහිපයකට පසුව අසල වූ ජලාශයකින්.

රික් තොර්බර්න් නමැති මෙම ඝාතකයා පුතුන් දෙදෙනෙකුගේ පියෙකු වනවා. ඒ අනුව, ඔහුගේ වැඩිමහලු පුත්‍රයා වන එවකට නව යොවුන් වියේ පසුවූ ට්‍රෙන්ට් අතින් මෙම දැරිය දූෂණයට ලක්වීමෙන් පසු ඇය ගැබ් ගැනීමෙන් තම පුත්‍රයාට වන හානිය වැළැක්වීමට ඔහු මෙම මරණය සිදුකර ඇති බව අධිකරණයේදී හෙළි කෙරුණා.

එහිදී, ඔවුන් සැලසුම් කර මෙම මරණය සිදුකර ඇති බවත්, මෙම මරණය සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට අමතරව, පවුලේ සියලු දෙනා සිරභාරයට ගැනුණා. ඔවුන්ට එල්ල වූ චෝදනා වූයේ මරණය වසන් කිරීමයි.

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ මහත් කතාබහක් ඇති කළ මෙම මරණයෙන් පසුව දරුවන් වෙනත් අයට හදාවඩා ගැනීමට දීමේදී මීට වඩා විමසිලිමත් විය යුතු බවත්, එහිදී පාසල් පද්ධතිය පවා ඔවුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, නීති පද්ධතියේ වෙනසක් අවශ්‍ය බවත් අවධාරණය කෙරුණා.