ලෝකය පුරා ආසාදිතයින් 57,46,086ක් සහ මරණ 357,377ක්

ලෝකය පුරා ආසාදිතයින් 57,46,086ක් සහ මරණ 357,377ක්
Spread the love

අද (28) දින ප.ව 10.02 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 57,46,086 දෙනකු සහ මරණ 357,377ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝන වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ.

එහි දැක්වෙන්නේ එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 17,06,500ක් හා මරණ 100,769ක් බවයි.

වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරමින් බ්‍රසීලය ආසාදිතයින් 411,821ක් හා මරණ 25,598ක් වාර්තා කර ඇති අතර රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 379,091ක් දක්වාත් මරණ සංඛ්‍යාව 4142 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

ආසාදිතයින් සටහනේ 09 වැනි ස්ථානයේ පසුවන (එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය හා ජර්මනිය) ඉන්දියාව ආසාදිතයින් 165,069ක් වාර්තා කර ඇති අතර මරණ සංඛ්‍යාව 4695 දක්වා වර්ධනය වී තිබෙනවා.

මැදපෙර දිග තත්ත්වය

ශ්‍රී ලංකිකයින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සේවය කරන මැදපෙරදිග තත්ත්වය විමසීමේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් සෞදි අරාබියෙන් වාර්තා වෙනවා. එය 80,185 ක් හා මරණ 441 ක්. එක්සත් අරාබි එමීර් හි ආසාදිතයින් 32,532ක් සහ මරණ 258ක්, කුවේටයෙන් ආසාදිතයින් 24,112ක් වාර්තා වෙනවා.