ලෝක ගුරු සම්මේලනයේ ඉදිරි වසර 4ක කාලයට සභාපති ශ්‍රී ලංකාවෙන්

ලෝක ගුරු සම්මේලනයේ ඉදිරි වසර 4ක කාලයට සභාපති ශ්‍රී ලංකාවෙන්
Spread the love

ලංකා ගුරු සේවා සංගමය නියෝජනය කරමින්  සමුළුවට සහභාගි වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාට මෙක්සිකෝවේ පැවැති ලෝක ගුරු සම්මේලනයේ 18 වැනි සමුළුවේදී ඉදිරි වසර 04ක කාලයක් සඳහා නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමේදී සභාපති තනතුර හිමිව ඇත.

පසුගිය 04 වැනිදා සහ 05 වැනිදා මෙම සමුළුව පැවැති අතර රටවල 40කට වැඩි ප්‍රමාණයක ගුරු සංගම් මෙම සම්මේලනය නියෝජනය කරන ලදී, මෙවන් සමුළුවක ප්‍රධාන තනතුරක් හිමි වූ පළමු අවස්ථාව මෙය බවද ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.