මුල්ගම ප්‍රදේශයේ අවුරුදු 15 ක් පමණ වයසැති පාසල් දැරියක් පෙම්වතා සහ ඔහුගේ යහළුවන් විසින් බලහත් කාරයෙන් කැඳවාගෙන ගොස් අපයෝජනයට ලක් කිරීමේ පුවතක් අප වෙත වාර්තා වෙනවා.
මේ වන විට පොලිසිය මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇති අතර අනාවරණය වී ඇති කරුණු අනුව සිද්ධිය මෙසේය.
මෙම පාසල් සිසුවිය තවත් පාසල් සිසුවකු සමඟ මීට වසරකට පෙර ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඔහු අතින් වරක් දූෂණයට ලක්‌වී ඇත.
ඉන් වසරකට පමණ පසු ඉකුත් 20 දා එම පාසල් සිසුවාගේ මිතුරන් තිදෙනකු මෙම සිසුවිය කෙලෙසා ඇත්තේ 2017 සිද්ධිය තමන් වීඩියෝ කර ඇති බවත් ඔවුන්ගේ යෝජනාවට එකඟ නොවුව හොත් එය හෙළි දරව් කරන බවත් පවසමිනුයි.
පසුව ඇයව නගරයට නුදුරු පාළු තැනකට රැගෙන ගොස් ඇයට අතවර කර තිබෙන අතර ඊට පසුවත් විටින් විට මොවුන් අයුතු යෝජනා කරමින් බලකරන බැවින් සිද්ධිය දෙමාපියන්ට පවසා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මෙම දැරිය වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා රෝහලට ඇතුළත් කර ඇති අතර පළමු පෙම්වතා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මීට අනුබල දුන් ත්‍රිරෝද රථ රියෑදුරාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙයින් පළමුවෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 12 දා තෙක් රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලැබුවා.

