වයස 18 චීන තරුණියන් 03ක් සමග කාමරයක් 27000…! කොළඹ රාත්‍රි සමාජ ශාලාවේ ඇත්ත කතාව මෙන්න…

වයස 18 චීන තරුණියන් 03ක් සමග කාමරයක් 27000…! කොළඹ රාත්‍රි සමාජ ශාලාවේ ඇත්ත කතාව මෙන්න…
Spread the love

කොළඹ ප්‍රධාන බාලිකා පාසලක් අසල පවත්වාගෙන යන රාත්‍රී සමාජ ශාලාවකින් පොලිසියේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට මාසිකව ලක්ෂ ගණනින් අල්ලස් ලබාදෙමින්  නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන බවට තොරතුරු වාර්තා වනවා.

මෙම තරු පන්තියේ රාත්‍රී සමාජ ශාලාව ප්‍රභල දේශපාලන රැකවරණයද සහිතව චීන ජාතිකයින් පිරිසක් විසින් පවත්වාගෙන යන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අදාල රාත්‍රී සමාජ ශාලාව තුල  චීන තරුණියන් පවා මුදලට අලෙවි වන අතර එක් පුද්ගලයෙකුට තරුණියන් තිදෙනෙකු සමඟ කාමරයක් රුපියල් 27,000ක මුදලකට ලබා දෙ බවයි ආරංචි මාර්ග වල සඳහන් වන්නේ. එස්ම නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් සහ මත්පැන් අළෙවි කරන බවටද තොරතුරු වාර්තා වනවා.

ප්‍රධාන බාලිකා පාසලක් අසල පිහිටා ඇති මෙම සමාජ ශාලාව අදාල බාලිකා විද්‍යාලයේ දෙමාපියන් සහ පාස‍ලේ පරිපාලනය විරෝධය මත ටික කලක් වසා දැමුනද ප්‍රභල දේශපාලඥයෙකුගේ රැකවරණය යටතේ යළි විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ.එසේම පසුගිය දිනක කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ ස්ථානය වටලා නීති විරෝධී  සිගරට් සහ බිර සමග තිදෙනෙක්ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණද ඒ සම්බන්ධයෙන් උදහසට ලක් වුණු ඉහළ ‍පොලිස් නිලධාරියෙකු විසින් එම සමාජ ශාලාව පැත්ත පළාතේ නොයන ලෙසට වාචික නියෝගයක් ලබා දී තිබෙන බවද වාර්තා වනවා.

මේ අතර එම උසස් පොලිස් නිළධාරියාට එම රාත්‍රී සමාජ ශාලාවෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් මාසිකව ලැබෙන බවට තොරතුරු ලැබී ඇති බවද  පාස‍ලේ දෙමාපියෝ චෝදනා කරන අතර මෙම රාත්‍රී සමාජ ශාලාවට එරෙහිව දෙමාපියන් අභියාචනාධිකරණයට නඩුවක්ද ගොනු කර තිබෙනවා.එහිදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින්  2018 වසර සඳහා බලපත්‍ර නිකුත් නොකරන බවය අධිකරණයට දැනුම් දීම නිසා  දෙමාපියන් විසින් නඩුව ඉවත් කරගෙන තිබුණා. ඉන් අනතුරුවයි නැවතත් මෙලෙස  රාත්‍රී සමාජ ශාලාව  ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වන්නේ.