වයස 76 ජනපති සමග යුග දිවියට යන ලෝකෙම කතාවෙන වයස 24 සෙල්ලක්කාරිය මෙන්න…

වයස 76 ජනපති සමග යුග දිවියට යන ලෝකෙම කතාවෙන වයස 24 සෙල්ලක්කාරිය මෙන්න…
Spread the love

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සූමා මේ වනවිට පසුවන්නේ 76 වෙනි වියේ ය.

පසුගිය දිනවල ඔහු ලෝක ජනමාධ්‍ය තුළ පුවත් මවන්නෙකු බවට පත්ව සිටියේ වංචා දූෂණ චෝදනා නිසා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සිදුවීම නිසාය.

නමුත් මේ දිනවල ඔහු නැවතත් පුවත් මවන්නෙකු බවට පත්ව සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් කාරණයක් හේතුවෙනි.

එ් ඔහු නැවතත් විවාහ වීමට යන බවට පලවෙන ආරංචියයි.

මෙය ඔහුගේ සත්වෙනි විවාහය නිසා මේ පිලිබඳ විශාල මාධ්‍ය අවධානයක් යොමු වෙමින් ඇති ආකාරයක්ද දැකිය හැකි වෙයි.

මෙම කතාවෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඔහුගේ සත්වෙනි බිරිඳගේ වයස අවුරුදු 24 ක් බව වාර්තා වීමයි.

මේ අනුව ඔවුන් දෙදෙනා අතර වයස පරතරය අවුරුදු 52 කි.

ඇය සූමාගේ ලාබාලතම බිරිඳ වනු ඇති බවද පැවසේ.

පෙර විවාහයන් මගින් මේ වනවිට ඔහුට දරුවන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව වාර්තා වේ.