තැපැල් සේවකයන් ආරම්භ කර ඇති අඛණ්‌ඩ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා තැපැල් කාර්යාලවල මේ වනවිට ලිපි සහ පාර්සල් ලක්‌ෂ 15 කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි.
විදේශ තැපෑල හරහා පැමිණි ලිපි සහ පාර්සල් ඇතුළත් තැපැල් මලු පන්දහසකට අධික ප්‍රමාණයක් ද කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තැපැල් කාර්යාලයේ ගොඩගැසී තිබෙන බව පැවසූ ඒ මහතා සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට රජය පියවර නොගැනීම නිසා තමුනට අකැමැත්තෙන් වුවද වැඩවර්ජනයකට යැමට සිදුවූ බව සඳහන් කළේය.
මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් තැපැල් අමාත්‍යංශය සඳහන් කළේ තැපැල් සේවකයන්ගේ ඉල්ලීම්වලින් සියයට අසූවක් ලබාදී ඇති බවත් තව විසඳුම් ලබාදිය යුතුව ඇත්තේ සියයට විස්‌සක ප්‍රමාණයකට බවත්ය.
ඒ සඳහා සාකච්ඡා කිරීමට වැඩවර්ජනය අත්හැර දමා එන ලෙස ද තැපැල් අමාත්‍යංශය තැපැල් සේවක වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටියි.

