අම්බලන්තොට වලවේ ගඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල ආසන්න වෙරළේදී අල්ලා ගෙන ඇති අතර එලෙස අල්ලාගත් දැවැන්තයා බුන්දල ජාතික උද්‍යානය මුදාහැරීමට පියවර ගෙන ඇත.
වලවේ ගගේ කිඹුල් ගහනය වැඩිවිම නිසා ගඟ දෙපස ජීවත්වන අය මෙන්ම ගඟෙන් ජලය ප්‍රයෝජනයට ගන්නා ජනතාව දැඩි බියකින්ද පසුවන බවත් පසුගිය දිනවල ගඟේ ජලය වැඩියෙන් ගලා යෑම හේතුවෙන් මෙම කිඹුලා සැඩ පහරට හසු වි මහ මුහුදට ගසාගෙන ගොස් ඇති බවත් වනජිවී නිළධාරීහු සැකකරන බව සඳහන් වේ.
මිරිජ්ජවිල ආසන්න වෙරළේ කිඹුලා සිටිනු දැක පසුව වනජීවී නිළධාරින්ට දැනුම් දීමෙන් පසු වෙරළ ආසන්න මුහුදේ සිටි කිඹුලා දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩට ගෙන බුන්දල ජාතික උද්‍යානයට මුදාහැරීමට පියවර ගෙන තිබූ බව වාර්ථා වේ.

ඡායාරූපය හිරු ගොසිප් වෙතින්