වල්ඌරු මස් සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කරයි

වල්ඌරු මස් සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කරයි
Spread the love

වල් ඌරු මස් ප්‍රවාහනය කිරීම සහ අලෙවි කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා කෘෂිකර්මාන්ත අමාත්‍යංශය විසින් සකස් කළ කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැනට පවතින නීතියට අනුව වල්ඌරන් මරණයට පත් කිරීම තහනම් නොවූවද ප්‍රවාහනය කිරීම සහ අළෙවි කිරීම තහනම් වනවා.
 
වල්ඌරන්ගෙන් කෘෂි බෝගවලට සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් අදාළ නීතිය සංශෝධනය කිරීමට සැළසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

වන සතුන්ගෙන් සිදුවන වගා හානියෙන් වැඩිම වගා හානියක් සිදුවන්නේ වල්ඌරන්ගෙන් බවට, සිදුකරන ලද සමීක්ෂණයකින් ද අනාවරණය වී තිබීම මෙම තත්ත්වයට හේතුවයි.