වවුනියාවේ ඉරට්‌ටපෙරියකුලම පොලිස් වසමේ අලගල්ල අලුත්ගම ප්‍රදේශයේ හේන් ඉඩමක තිබී එල්. ටී. ටී. ඊ. සංවිධානය නිෂ්පාදනය කළ තමිලන් ගුණ්‌ඩු වර්ගයේ අත්බෝම්බයක් පසුගියදා (11) සවස හමුවී තිබේ.
මේ පිළිබඳව වවුනියාව ඉරට්‌ටපෙරියකුලම පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම අත්බෝම්බය පොලිසිය භාරයට ගෙන තිබේ.
ඉරට්‌ටපෙරියකුලම පොලිසිය පැවසුවේ හේනේ ගස් කපා ඉවත් කරන අවස්‌ථාවක හේන් හිමියා අදාළ බෝම්බය දැක පොලිසිය දැනුවත් කොට ඇති බවයි.
අනතුරුව පොලිසිය ගොස් අදාළ බෝම්බය සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව මහෙස්‌ත්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසුවේ වව්නියාව මහෙස්‌ත්‍රාත් අධිකරණ නියෝග යටතේ වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්‌ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.
වවුනියාවේ හේනක එල්.ටී.ටී.ඊ. නිෂ්පාදනය කළ ‘තමිලන් ගුණ්‌ඩු’ අත්බෝම්බයක්
