වසන්තගේ පිල් මාරුව ගැන හර්ෂගෙන් සටහනක්

වසන්තගේ පිල් මාරුව ගැන හර්ෂගෙන් සටහනක්
Spread the love

අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ප‍්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සේනානායක ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් පළ කර ඇත.

ඒ, සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමිනි.

එහිදී වසන්ත සේනානායක මන්ත‍්‍රීවරයා යළි ආණ්ඩු පාර්ශ්වය සමග එක් වුවද විපක්ෂය සතු බහුතරයට ඉන් බලපෑමක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දී ඇත. 

තුන් වරක් පැති මාරු කළ වසන්ත සේනානායක මන්ත‍්‍රීවරයා යළි සිය කණ්ඩායමට එක්කර ගැනීමට උත්සහ නොකළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දී ඇත.