නාවුක කටයුතු කර්මාන්තයේ ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තිකයෙකු වන පරාක්‍රම දසනායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් පත්කොට ඇත. වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් මෙම පත්වීම සිදුකොට ඇත.
පරාක්‍රම දසනායක 2001-2004 කාලපරිච්ඡේදය තුළ දීද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය.
මෙවර වරාය සභාපතිවරයා වීමට පෙර ඔහු එයිට්කන් ස්පෙන්ස් සමාගමේ වරාය, නාවුක කටයුතු භාර සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී ලෙසින් කටයුතු කරන ලදී.
Institute of Chartered Shipbrokers UK හි සභාපතිත්වයට පත් පළමු බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා වන්නේද පරාක්‍රම දසනායක යි.
[rns_reactions]

