වැරදි කරලා ඉවරයි? මහාමාර්ග විනයට අලුතෙන්ම එන RFID ගැන ඇත්ත කතාව මෙන්න…

වැරදි කරලා ඉවරයි? මහාමාර්ග විනයට අලුතෙන්ම එන RFID ගැන ඇත්ත කතාව මෙන්න…
Spread the love

(VIDEO) වාහන හඳුනා ගැනීම මගින් නීතිය ක්‍රියාත්මක කිරීමට, මහා මාර්ග තදබදය ගැන තීරණ ගැනීමට හා එය කළමනාකරණය කිරීමට ආර්.එෆ්.අයි.ඩී. තාක්ෂණය ශ්‍රී ලංකාවේ මාර්ගයන්ට හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

වාහනයක ඉදිරිපස හා පසුපස වීදුරුවලට අලවන ස්ටීකරයට ආර්.එෆ්.අයි.ඩී. ටැග් ඇතුළත් කරන අතර පසුව එය කියැවීමේ උපකරණ මහා මාර්ගයේ සවිකරනු ලබයි ඒ අනුව එම කියැවීමේ මේ වන විට මාර්ගයන්හි සවි කිරීම ආරම්භ කර ඇත.

මෙම ආර්.එෆ්.අයි.ඩී. ටැග් ස්ටීකරය ඉදිරියේදී සැම වාහනයක් සදහාම ඇලවීමට නියමිත බවත් එමගින් ශ්‍රී ලංකා පොලිසියට හෝ වෙනත් රාජ්‍ය ආයතන සදහා වාහනය නවත්වන්නේ නැතිව එහි සියලුම තොරතුරු ලබා ගැනීමේ පහසුකම සැපයෙනු ඇත.