වැසි නැති වුනත් විදුලිය කපන්නේ නෑ

වැසි නැති වුනත් විදුලිය කපන්නේ නෑ
Spread the love

පවතින වියළි කාලගුණය හමුවේ විදුලිය උත්පාදනය කිරීම අභියෝගයක්‌ වුවද විදුලිය කප්පාදුවක්‌ සිදු කිරීමට තවමත් කිසිදු තීරණයක්‌ ගෙන නැතැයි ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්‌ඩලයට අයත් වික්‌ටෝරියා, රන්දෙණිගල කොත්මලේ, කාසල්රී, සමනල වැව යන ප්‍රධාන ජල විදුලි බලාගාරවල ජල මට්‌ටම සියයට 50.2 දක්‌වා පවතින බවද පසුගිය වසරේ මෙම කාලය වන විට බලාගාර ජල මට්‌ටම සියයට 35 දක්‌වා අඩු වූ විටද කප්පාදුවකින් තොරව විදුලි බලය ලබා දීමට විදුලිබල මණ්‌ඩලයට හැකිවූ බවද ලංකා විදුලිබල මණ්‌ඩලයේ සංවර්ධන (අධ්‍යක්‍ෂ) සුලක්‍ෂණ ජයවර්ධන මහතා මාධ්‍යට පැවැසීය.