විගණකාධිපතිට එරෙහි ඒකාබද්ධය ගෙනන විශ්වාසභංගය රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට දරන උත්සාහයක්

විගණකාධිපතිට එරෙහි ඒකාබද්ධය ගෙනන විශ්වාසභංගය රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට දරන උත්සාහයක්
Spread the love

රජයේ ණය අර්බුදය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් කුපිත වී ඇති ඒකාබද්ධ විපක්‌ෂය ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට සැරසීමෙන් රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට උත්සාහ දරණ බවත් එම උත්සාහට ඉතාමත් පිළිකුල් සහගත බවත් දූෂණ විරෝධී පෙරමුණ නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කරයි.

” පසුගිය පළාත් පාලන මැතිවරණයට දින කිහිපයක්‌ තිබියදී රජයේ ණය අර්බුදය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා කළ පැහැදිලි කිරීම හා විග්‍රහය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‌ෂය කුපිත වී ඇතිවා පමණක්‌ නොව ඔහු බියවැද්දීම සඳහා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙනඒමට දරණ උත්සාහය පිළිකුලෙන් යුතුව දූෂණ විරෝධී පෙරමුණ ලෙස හෙළා දකින්නෙමු. පසුගිය පාලන සමයන්හි දේශීය හා විදේශීය වශයෙන් ලබාගෙන ඇති ණය කන්දරාව පිළිබඳව ඔහු කළ හෙළිදරව් කිරීම රටේ ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදය කොතරම් ද යන්න පිළිබඳව පැහැදිලි චිත්‍රයකි. එම පැහැදිලි කිරීම හා විග්‍රහය රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හා ණය අර්බුදය පිළිබඳව ඇඟ කිළිපොලා යන විමතිය දනවන විග්‍රහයකි.

එහිදී රාජපක්‍ෂ පාලන සමය තුළ රට ණය කර ඇති ප්‍රමාණය ඔහු පෙන්වා දුන්නා පමණක්‌ නොව වත්මන් රජය යටතේ ගෙන ඇති ණය ප්‍රමාණය ද ඊට පෙර පාලන සමයන්හි ණය පිළිබඳවත් ගෙවිය යුතු ණය හා පොලී ප්‍රමාණය පිළිබඳවත් ඒකපුද්ගල ණය ප්‍රමාණය පිළිබඳවත් පැහැදිලි කිරීමක්‌ කරනු ලැබූ අතර එම විග්‍රහයේදී රාජපක්‌ෂ පාලන සමයේ ලබාගත් ණය පිළිබඳව ඉදිරිපත් කළ ඉලක්‌කම් වලින් ඒකාබද්ධ විපක්‌ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කෝපයට පත්ව ඇතිවා පමණක්‌ නොව විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට සූදානම් වෙමින් ඇත. රාජපක්‌ෂ පාලන සමයේ ලබාගත් ණය කන්දරාව රට ණය උගුලක සිරවී ඇති ආකාරය පෙන්වාදීම නිසා විගණකාධිපතිවරයා ඔහුගේ ෙද්‍රdaහියෙක්‌ හා සතුරෙක්‌ වී ඇත. මේ විගණකාධිපතිවරයාම මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සිදුවී ඇති පාඩුව සංඛ්‍යා ලේඛන උපුටා දක්‌වන විට ඔහු එදා වීරයෙක්‌ වූවා පමණක්‌ නොව ඔහුගේ සංඛ්‍යා ලේඛන උපුටා දක්‌වන්නට ඒකාබද්ධ විපක්‌ෂය කටයුතු කරන ලදි.

ඒකාබද්ධ විපක්‌ෂයේ ආර්ථීක පර්යේෂණ ඒකකයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධනට දිවට හා කටට ප්‍රතිපත්තියක්‌ නැති බව මෙම විශ්වාසභංග යෝජනාවෙන් පැහැදිලි වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය සමග ඒකාබද්ධ විපක්‌ෂය මෙම විශ්වාසභංගය හරහා රජයේ ඉහළ නිලධාරීන්, රාජ්‍ය සේවකයන්, දූෂණ විමර්ශණ කටයුතුවල නිරත වන නිලධාරීන්, නීති කටයුතු කරන රජයේ නිලධාරීන් හා අධිකරණ විනිසුරුවන් ඇතුළු සමස්‌ත රාජ්‍ය යාන්ත්‍රණයට බියවැද්දීමට දරණ උත්සාහයක්‌ බව අවධාරණය කරන අතර විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිකුළෙන් හෙළා දකින අතර විගණකාධිපතිවරයා රැකගැනීම සඳහා මූල්‍ය යහපාලනය අගයන බලවේග ඉදිරියට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු.”