‘විදුලිය කැපීම’ නවතී

‘විදුලිය කැපීම’ නවතී
Spread the love

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් මෙගා වොට් 300ක් අද (21) සිට නැවත ජාතික විදුලි පද්ධතියට එකතු කළ බවත් ඒ අනුව අද දිනයේ සිට දිවයිනේ විදුලි විසන්ධි කිරීමක් සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, විජිත හේරත් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් විජිත හේරත් මහතා කියා සිටියේ, නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 900ක් සපයන අතර, පසුගිය දා සිදුවු විදුලි බිඳවැටීම හේතුවෙන් එම බලාගාරයේ ජනන යන්ත්‍ර ද ක්‍රියා විරහිත වීම හේතුවෙන් පසුගිය අගෝස්තු මස 18වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක්, දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමට සිදු වූ බවයි.

මේ අතර, කෙරවලපිටිය විදුලි බලාගාරයේ නඩත්තු කටයුත්තක දී විදුලි අධිකාරිවරයෙක් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පවසයි.