විශේෂඥ වෛද්‍යවරිය මත්පැන් බොන සීසීටිවී දර්ශන හමුවෙයි… – බොරු වාර්තා දුන් කළුබෝවිල දොස්‌තර ගැන පරීක්‍ෂණ

විශේෂඥ වෛද්‍යවරිය මත්පැන් බොන සීසීටිවී දර්ශන හමුවෙයි… – බොරු වාර්තා දුන් කළුබෝවිල දොස්‌තර ගැන පරීක්‍ෂණ
Spread the love

පැපිලියාන, වික්‍රමරත්න මාවත ප්‍රදේශයේදී අපරීක්‍ෂාකාරී අන්දමින් රත්නපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක විසින් පැදවූ සුඛෝපභෝගී රථයකට හැපී පොලිස්‌ පරීක්‍ෂකවරයකු මරුමුවට පත්වී ඔහුගේ බිරිඳට හා දරු දෙදෙනාට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන පොලිසිය ඇය මත්පැන් පානය කළ බවට තවත් සාක්‍ෂියක්‌ සොයාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ඊයේ (7) පැවැසීය.

සැකකාර වෛද්‍යවරිය ගල්කිස්‌ස රාත්‍රි සමාජ ශාලාවක තවත් කීප දෙනකු සමග වාඩිවී මත්පැන් පානය කරන ආකාරය සහිත සීසීටීවී දර්ශන මේ වන විට සොයාගෙන ඇතැයි ද හෙතෙම කීය.

එහි ඇය වරක්‌ මත්පැන් පානය කරමින් සිට නැගිට ගොස්‌ යළි පැමිණ වාඩිවී මත්පැන් පානය කරන ආකාරය පැහැදිලිවම දක්‌නට ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මීට අමතරව එහි වේටර්වරයකු ද මැය එහි සිට මත්පැන් පානය කළ බවට ප්‍රකාශයක්‌ ලබාදී ඇතැයිද හෙතෙම කියා සිටියේය. මේ අතර මෙම සැකකාර වෛද්‍යවරිය මත්පැන් පානය නොකළ බවට අසත්‍ය වාර්තාවක්‌ ඉදිරිපත් කළ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරයා සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවද හේ කීය.

re1බීමත්ව සිටි වෛද්‍යවරිය ඉදිරිපත් කළ අවස්‌ථාවේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරයා සෙම්ප්‍රතිෂ්‍යාව රෝගයෙන් පෙළුණු බවට මේ වන විට පවසා ඇතැයිද වාර්තාවේ.

සැකකාර විශේෂඥ වෛද්‍යවරිය හෙට (9) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නුගේගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළද වෛද්‍යවරිය වැලිකඩ බන්ධනාගාරගත නොවී කළුබෝවිල මහ රෝහලේ ඊයේ (7) දිනයේත් නේවාසිකව සිටි බවද එම නිලධාරියා කීය.

2018.09.30 වැනිදා අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස්‌ තිබුණේ බම්බලපිටිය පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයට අනුයුක්‌තව සේවය කරමින් සිටි අජන්ත ගාමිණී (51) නමැති තිදරු පියෙකි.

මෙම සැකකාර වෛද්‍යවරියගේ මුවින් මත්පැන් ගඳක්‌ වහනය නොවන බවට අසත්‍ය වාර්තා ඉදිරිපත් කළ කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවද එම නිලධාරීයා කියා සිටියේය.

මෙම වෛද්‍යවරිය ලබාදුන් ඇල්කෝ ලයිසරයේ (බැලුමේ) මැය මත්පැන් පානය කළ බවට පැහැදිලිවම දක්‌නට ඇති බවත් එම සාක්‍ෂියද අධිකරණයට යොමු කර ඇති බවත් හෙතෙම කීය.

සැකකාර විශේෂඥ වෛද්‍යවරිය හෙට (9 ) නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳව බොරලැස්‌ගමුව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියංක ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ