කිලෝ අටක් වූ ප්ලාස්‌ටික් බෑග් අනුභව කිරීම නිසා විශාල තල්මසෙක් මරුමුවට පත්වී ඇත. මේ තල්මසා තායිලන්තයේ කෝලන් කැනඩා මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී තිබේ.
රාත්තල් 500 ක් බරැති මෙම තල්මසා තුළ ප්ලාස්‌ටික් බෑග් 80 ක් තිබී හමුවිය.මේ බව හෙළිවූයේ ජලජීවී විමර්ශකයන් විසින් තල්මසාගේ බඩ පලා සිදුකළ විමර්ශනයේදීයි.
දින පහක් තිස්‌සේ තල්මසා මුහුදට යෑවීමට සත්ව අවිහිංසාවාදීන් සිදුකළ උත්සාහයද ව්‍යාර්ථ විය.තල්මසා මුහුදු වෙරළට ගොඩගසා ඇත්තේ බඩ තුළ තිබූ ප්ලාස්‌ටික් දිරවා ගත නොහැකිව බව වාර්තා වේ.
වෙරළට ගොඩගැසූ තල්මසාගේ අමාශය තුළ ප්ලාස්‌ටික් කිලෝ අටක්
