වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කාර්යාලය ඩිජිටල් වෙයි

වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කාර්යාලය ඩිජිටල් වෙයි
Spread the love
රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේදී පැවැත්වෙන විභාගයේ ලිඛිත පරීක්‍ෂණය අද (12) සිට නව ක‍්‍රමවේදයකට සිදුවන බව සඳහන් වේ.
ඒ අනුව ලිඛිත පරීක්‍ෂණය පරිගණක ස්පර්ශ තිර ආධාරයෙන් ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීම සැලසුම් කර ඇති අතර එහි ආරම්භය වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදි අද සිදුවන බව කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පැවසා සිටින ලදී.
මුල් අදියරේදී එම කාර්යාලයේ පමණක් මෙම ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එකවර 150 කට විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන බවයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවේ. විභාග අක‍්‍රමිකතා වැළැක්වීම, කඩිනමින් විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම මෙම නව ක‍්‍රමවේදය යටතේ සිදු කිරීමට අපේක්‍ෂිත වේ.