ඔහු කියා සිටියේ මෙම ස්ථිර වශයෙන් සැළසුම් සහගත ඝාතනයක් බවයි. මේ සම්බන්ධයෙන් ඉන්දිය මාධ්‍ය වෙත ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියක් ස්වාමි පවසා තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී දේවිගේ ශරීරයේ අධික ලෙස මත්පැන් මිශ්‍ර වී ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සදහන් ව ඇති බවයි.
අධික ලෙස මත්පැන් ශරීර ගත වීම පාලනය කර ගත නොහැකි ඇය තමා ලැගුම් ගෙන සිටි හෝටලයේ නාන කාමරේ තිබු නාන තොටිල්ලට වැටී අභාවයට පත්ව සිටි බව සඳහන්.
නමුත් මෙහිදී සැක රැසක් මතු වන බවයි සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කර ඇත්තේ.
කිසිවෙකු විසින් සැළසුම් කර ශ්‍රී දේවිට මත්පැන් පානය කරවා ඉන්පසු නාන තොටිල්ලේ ගිල්වා ඝාතනය කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එමෙන්ම ශ්‍රී දේවි යනු සිය ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නියක් බවත් අනවශ්‍ය ලෙස මත්පානය නොකර බවත් ඔහු වැඩිදුරටක් සඳහන් කළා.
එසේ තිබියදී ශ්‍රී දේවිගේ ශරීරයට අධික ලෙස මත්පැන් අන්තර් ගත වුයේ කෙසේ ද යන්නයි සුබ්‍රමනියම් ස්වාමි ප්‍රශ්න කර සිටින්නේ.
එමෙන්ම හෝටලයේ සීසීටීවී කැමරා දර්ශන සම්බන්ධයෙන් කිසිඳු දත්තක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සැකයක් මතුවන බවත් ඔහු සැක මතුකර තිබෙනවා.
තමාගේ මතය අනුව මෙය සැළසුම් සහගත ඝාතනයක් බවයි මාධ්‍ය හමුවේ තවදුරටත් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි මාධ්‍ය හමුවේ පවසා තිබුණේ.
කිසිඳු පරික්ෂණයකින් තොරව එකවර වෛද්‍යවරුන් ඇය හෘදයාබාධයෙන් මිය ගිය බවට ප්‍රකාශ කිරිම තුළින් ද සැකයක් මතු වන බවත් භාරතීය සුබ්‍රමනියම් ස්වාමි පැන නඟා තිබෙනවා.
සිනමා නළු නිළියන්ට නිරන්තරයෙන් හිරිහැරයක් වී ඇති දාදා සහ දාවුත් ඉබ්‍රාහිම් නිම ප්‍රබල පාතාල සාමාජිකයන් විසින් මෙම ඝාතනය සැළසුම් සහගතව සිදු කරන්නට ඇති බවයි සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කළේ.