ශ්‍රී ලංකාවට එරෙහි හුසේන්ගේ වාර්තාවට අභියෝග කිරීමට ලාංකිකයින් 30ක් ජිනීවා යයි

ශ්‍රී ලංකාවට එරෙහි හුසේන්ගේ වාර්තාවට අභියෝග කිරීමට ලාංකිකයින් 30ක් ජිනීවා යයි
Spread the love

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කුමරු විසින් ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවට අභියෝග කිරීම සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රමුඛ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ 30 දෙනකුගේ කණ්‌ඩායමක්‌ අද (14 දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෑමට නියමිතව ඇත.
 
 මෙහිදී ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ දේශකයන් හයදෙනකු  මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිත අතර එහිදී ජිනීවා යෝජනාව නීතිවිරෝධී බවත් එම යෝජනාව සඳහා ඡන්ද විමසීමක්‌ පවත්වා නැති බවටත් පෙන්නුම් කෙරේ.ඊට අමතරව ලබන 18 වැනිදා (ඉරිදා) ජිනීවා යෝජනාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ ද පවත්වන අතර කොටින්ගේ බිහිසුණු අපරාධ පිළිබිඹු කෙරෙන ප්‍රදර්ශනයක්‌ ද මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග වල සඳහන් වේ.